මේ වන විට උතුරු කොරියානු පාර්ශවයෙන් සදහන් කර සිටින්නේ තමන් ඉහළ මට්ටමේ බැලස්ටික් මිසයිලයක් (advanced solid-fueled ballistic missile) පිළිබඳ අත්හදා බැලීම් ඉකුත් දා සිදු කරන ලද බවයි.
බදාදා දිනයේදී අත්හදා බැලීම් සිදු කරන ලද මෙය අන්තර් මහද්වීපික වශයෙන් ක්‍රියා කල හැකි බැලස්ටික් මිසයිලයක් වශයෙන් ඔවුන් තවදුරටත් හදුන්වනු ලබයි. මෑත කාලීන පරීක්ෂණ කිහිපයකින් පසුව මෙම මිසයිල අත්හදා බැලීම දියත් කර ඇතැයි සැලකෙන අතර, තහවුරු වී නැතත් එක්සත් ජනපදය පාර්ශවයෙන් මේ පිලිබඳ යම් විශ්ලේෂණයක පසු වනුයේ ඔවුන් ගේ ප්‍රධාන නගරවලට පහර දිය හැකි ආයුධ නිපදවීමේ උත්සාහයන් වේගවත් කිරීමේ ඉදිරි පිම්මක් විය හැකිද යන්න සම්බන්ධයෙනුයි.
ධවල මන්දිර ප්‍රකාශයක් හරහා දක්වා ඇත්තේ මෙම දියත් කිරීම “කලාපයේ ආරක්ෂක තත්ත්වය අස්ථාවර කිරීමේ අවදානමක්” ඇති කරනු ලබන බවයි.
ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida බදාදා නේටෝ සමුළු රැස්වීමට සිය අදහස් ප්‍රකාශ කරමින් දක්වා ඇත්තේ මෙම බැලස්ටික් මිසයිල අත්හදා බැලීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් සහ කලාපීය ස්ථාවරත්වයට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවට ද තර්ජනයක් ලෙසිනුයි.
රාජ්‍ය කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සියට අනුව මෙය අවසන් වරට අප්‍රේල් මාසයේදී දියත් කළ ආකාරයේ ප්‍රබල solid-fueled ICBM (Hwasong-18) මිසයිලයක් බව දක්වා තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එවකට පවසා සිටියේ හ්වාසොං-18 රටට බලවත් උපායමාර්ගික ප්‍රහාර මාධ්‍යයක් වන අතර එහි න්‍යෂ්ටික හැකියාවන් ඉහළ නැංවීමට තවදුරටත් කටයුතු කරන බවයි.