Skip to content

ගාළු මුවදොර අපවිත්‍ර ආහාර වික්කොත් වැඩ වරදි ? නගරසභාවෙන් දැඩි නීති..

කොළඹ  ගාළු මුවදොර පිටිය ආශ්‍රිතව ආහාර ද්‍රව්‍ය අලවි කරන ව්‍යාපාරික ස්ථාන වැටළු මහනගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් වෙළඳුන් 4 දෙනකුට විරුද්ධව නඩු පැවරු අතර තවත් පිරිසකට අවවාද කල බව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පවසයි.                                                    

මෙම පිටියට දහවල් කාලයේ පාසැල් ලමුන් ද සවස් කාලයේ කුඩා දරුවන් සමග දෙමාපියන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් ද පැමිණේ. මෙසේ පැමිණෙන පිරිස් සඳහා විවිධ වර්ගයේ ආහාර පාන අලවිකරන පිරිස බොහෝය. එකාකාරි ජීවිතයෙන් කෙටි කාලයකට මානසික සුවයක් විඳින්නට දරුවන්ට සෙල්ලම් කරන්නට පැමිණෙන අය මේ ස්ථානයේ අලවි කරන ආහාර අපිරිසිදු බවට චෝදනා කරන බවත් පවසන මහනගර සභාවේ සෞඛ්‍ය අංශ ව්‍යාපාරිකයන් දැනුවත් කළත් ඊට යහපත් ප්‍රතිචාර නොලද හෙයින් වැටලීම් කර නීතිමය පියවර ගත් බවත් පැවසීය. මෙම කුඩා ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නොව මහජනතාවට පිරිසිදු ආහාර ටිකක් ලබා දීමේ අරමුණින් වෙළඳසැල් නියාමනය කිරීම ආරම්භ කළ බවත් පවසයි.

                                                                                                                 

මෙම සියළු ව්‍යාපාරිකයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් නගරසභා ප්‍රධාන ශාලාවේදි 31 පෙරවරු 10 පැවැත්වෙන අතර ඊට සහභාගිවන්නන් සඳහා සහතික පත්‍රයක් ද ලබා දීමට පියවර ගෙන ඇත. සියළුම ව්‍යාපාරික ස්ථාන ලියාපදිංචි කෙරෙන අතර ලියාපදිංචි නොවු අයට වෙළඳාම් කිරීමට ඉදිරියේදි අවසර නොලැබෙන බවත් නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අංශය පවසයි.

Latest