Skip to content

කී⁣බෝඩ් චන්ඩින්ට වැඩ වරදින ලකුණු

ශුබ්මන් ගිල් හා සහෝදරිය වම් පස. දිල්ලි කාන්තා කොමසාරිස්වරිය දකුණු පස.

2023 ටාටා අයිපීඑල් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේදි රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමග අවසන් වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව තරගාවලියෙන් ඉවත්වීමට සිදු විය. බැංග්ලෝර් පිලට අත් වූ කඩුළු හයක පරාජයේ ප්‍රධාන වග උත්තරකරුවා වූයේ ගුජරාට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශුභ්මන් ගිල් ය.

පන්දු 52කදි ලකුණු 104ක් රැස් කළ ගිල්, ගුජරාට් ඉනිමේ තවත් පන්දු පහක් ඉතිරිව තිබියදී බැංග්ලෝර් පිළ පරාජය කිරීමට ඉනිමේ අවසන් හයේ පහර එල්ල කිරීමට සමත් විය.

කෙසේ නමුත් තරගයේ පරාජය සමග බැංග්ලෝර් රසිකයින් පිරිසක් පරාජයේ වේදනාව පිට කිරීමට උපයෝගි කරගත්තේ සමාජමාධ්‍යයයි. ගිල් සහ විශේෂයෙන් ගිල්ගේ සහෝදරිය ෂාහ්නීල් ගිල්ව ඉලක්ක කරගනිමින් බැංග්ලෝර් රසිකයින් ද්වේෂ සහගත පණිවිඩ සමාජමාධ්‍ය හරහා පළ කිරීමට පෙළඹුනෝය.

තරගය නැරඹීමට පැමිණ සිටි ෂාහ්නීල් තරගයෙන් අනතුරුව තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට ඡායාරූපයක් එක් කර 'What a wholesome day' යනුවෙන් කැප්ෂනයක් යෙදූ අතර බැංග්ලෝර් රසිකයන්ගේ වැඩිම ඉලක්කයට ලක් වූයේ එම ඡායාරූපයයි.

තත්ත්වය දිගින් දිගටම නරක අතට හැරෙද්දි ගිල් සහෝදර සහෝදරියන් වෙත පිහිටට ඒන්නේ දිල්ලි කාන්තා කොමිසමයි. දිල්ලි කාන්තා කොමිසම යනු 1996 වසරේ සිට, දිල්ලි ප්‍රාන්ත රජය විසින් කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධ සියලු කරුණු විමර්ශනය කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා දිල්ලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයකි. එම ආයතනයේ වත්මන් කමිසනර්වරිය වන ස්වාති මලිවාල් පොරොන්දු වී සිටියේ ගිල්ගේ සහෝදරිය වෙත සයිබර් හිංසනය මුදා හළ පුද්ගලයින් ට එරෙහිව සුදුසු පියවර ගන්නා බවයි.

මීට පෙර ඉන්දිය සුපිරි පිතිකරු විරාට් කෝලිගේ දියණිය අරඹයා සයිබර් හිංසනය මුදා හළ පිරිසක්ද නීතිය හමුවට පමුණුවා දඬුවම් කිරීමට දිල්ලි කාන්තා කොමිසම ක්‍රියා කළේය.

සිදුවීම අරඹයා දිල්ලි කාන්තා කොමසාරිස්වරිය පළකල ට්විටර් සටහන

Latest