Skip to content

ඇමරිකාවට යවන්න ප්‍රා.ස.මන්ත්‍රීවරියන් හරහා කෝටි 03 ක් ගත් සැකකරු සොයා පරීක්ෂණ.

ඇමරිකාවේ "මියාමි" නගරයේ වරායක රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගයින් රවටමින් රුපියල් කෝටි 03 කට අධික මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

"ජය භූමි පදනම" නමින් රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක 06 වන මහලේ කාමරයක මෙම ව්‍යාජ රැකියා නියෝජිත ආයතනය පවත්වාගෙන ගොස් ඇත.

එම ස්ථානයේ තිබී රැකියා අපේක්ෂිතව බාර දී තිබූ ලිපි ගොණු 636 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත. මෙම ව්‍යාජ රැකියා නියෝජිත ආයතනය පවත්වා ගෙන ගොස් ඇති ප්‍රධාන සැකකරුව හදුනා ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. ඔහු වසර 03 ක පමණ කාලයක් රාජගිරියේ පිහිටි ස්ථානයේ ව්‍යාජ රැකියා නියෝජිත ආයතනය පවත්වා ගෙන ගොස් ඇති බවත්, ඇමරිකාවේ රැකියා ලබා දීම සදහා අත්තකාරම් ලෙස පුද්ගලයින් 400 කට වැඩි ප්‍රමාණයකින් රුපියල් 75,000 ක මුදලක් ලබා ගෙන ඇති බවද දැනට කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

සැකකරු මෙම වංචාව සිදු කර ඇත්තේ දිවයින පුරා සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් හරහා වීමද විශේෂත්වයකි.

සැකකරු විසින් මේ වන  විට රුපියල් කෝටි 03 කට අධික මුදලක් වංචා කර ඇති බවත්, ඔහු විදේශ සේවා නියුක්ති කාර්යංශය මග හරිමින් සිටින බවත් විමර්ශණ නිලධාරීන් සදහන් කරයි.

සැකකරු සම්බන්ධයෙන් අළුත්කඩේ අධිකරණයට කරුනු වාර්තා කිරීමට කටයුතු යොදා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

Latest