Skip to content

පොලිසියට නිළ ඇඳුමේ බලය පෙන්වීමට උත්සාහ කළ ගුවන් හමුදා බලඝණ නායකට එරෙහිව කඩිනම් පරීක්ෂණ පවත්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් උපදෙස්.

පසුගියදා කොළඹ පොලිස් හා ළමා හා කාන්තා කාර්යාංශයේ පැවති පැමිණිල්ලකට ගුවන් හමුදා නිල ඇඳුමෙන් සහභාගීවූ බලඝණ නායකයෙකුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති කාර්යාලය විසින් පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලඝණ නායක මලිඳු අබේසිංහ නැමැති පුද්ගලයෙකුට එරෙහිව ජනාධිපති කාර්යාලය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව ඒ ගැන පරීක්ෂාකර බලා පවතින නීති රාමුව අනුව කඩිනමින් ක්‍රියා මාර්ග ගෙන දන්වා එවන ලෙස ගුවන් හමුදපති හා පොලිස්පති වෙත ජනාධිපති කාර්යාලය උපදෙස් ලබාදීමට පියවර ගෙන ඇත.

හමුදා නීතිය අනුව ශ්‍රී ලංකාවේ සිවිල් ජනයාගේ ප්‍රශ්න විසදීම සඳහා හමුදාවේ මැදිහත් වීමක් සිදු නොවන අතර මෙම ගුවන් හමුදා නිලධාරියා ඔහුට කිසිසේත් අදාල නොවන පැමිණිල්ලකට කාගේ කුමන අවසරය මත කාන්තා හා ළමා කාර්යාංශයේ කටයුතු සඳහා සහභාගිවුවාදැයි සොයා බලන ලෙස පැමිණිල්ලක් ජනාධිපති කරයාලයට, ගුවන් හමුදාපත්වරයාටද අදාල අගතියට පත් අය විසින් ලිඛිතව දැනුම් දිමක් සිදු කර තිබේ.

Latest