Skip to content

ඉන්දියාවේ සරණාගත කඳවුරකදි වවුනියාවේ අයෙක් කපා කොටා ඝාතනය කරලා.

දකුණු ඉන්දියාවේ නෙල්ලෙයි, ප්‍රදේශයේ කංගෙයිකොන්ඩාන් නමැති සරණාගත කඳවුර තුළදි වවුනියාව දිස්ත්‍රික්කයේ මුල් පදිංචිකරුවෙකු වු පුද්ගලයෙකු 13 වැනිදා කපා කොටා ඝාතනය කොට ඇති බව මියගිය අයගේ වවුනියාවේ ජිවත්වන ඥාතීන් පවසති.

වවුනියාව ප්‍රදේශවාසීන් පැවසූවේ යුධ සරණාගතයෙකු ලෙස කංගෙයිකොට්ටම නමැති සරණාගත කඳවුරේ ජිවත්වු රාමචන්ද්‍රන් නමැති පුද්ගලයෙකු එලෙස ඝාතනය කොට ඇති බවයි.

රාමචන්ද්‍රන් නමැත්තාගේ බිරිඳ හා දරුවා වවුනියාවේ ජිවත්වන අතර, රාමචන්ද්‍රන් ඉන්දියාවේ සරණාගත කඳවුර තුළ වාසය කරමින් පින්තාරු රැකියාව කරමින් ජිවත්වි ඇති බවද මියගිය අයගේ ඥාතීන් පවසති.

අදාළ පුද්ගලයා 13 වැනිදා උදැසන ඔහු නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් පිටතට නොපැමිණීම සම්බන්ධයෙන් පරීක්ෂාකිරීමේදී කැපුම් තුවාල සහිත මළ සිරුර සොයාගෙන ඇති බවද ඥාතීන් පැවසූහ.

මියගිය පුද්ගලයාගේ බිරිඳ හා දරුවා ලංකාවේ ජිවත්වන බැවින් මියගිය අයට දකුණු ඉන්දියාවේ සරණාගත කඳවුර තුළ නිවසක් නොලැබුණ බවද ඔහුගේ ඥාතීන් සඳහන් කළහ.

කංගෙයිකොන්ඩාන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Latest