Skip to content

ඉන්දියාව සහ කැනඩාව එකට ගැටේ..

සික් නායකයෙකු ලෙස ප්‍රකට හතලිස් පස් හැවිරිදි  "හර්දීප් සින්ග් නිජ්ජාර් සික්"  කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා හිදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ඉන්දීය රජය සම්බන්ධ බව කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝ චෝදනා කරන බව විදෙස් මාධ්‍ය විසින් විසින් වාර්තා කර තිබේ.

කැනඩා භූමියේදීම කැනඩාවේ පුරවැසියෙක් ඝාතනය කිරීම මගින් ඉන්දියාව තම රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කර ඇති බවත් මෙම ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බවට කැනඩාවේ ඔත්තු සේවා සතුව විශ්වසනීය සාක්ෂි පවතින බවද එම වාර්තා මගින් අගමැති ජස්ටින් ටෘෘඩෝ සදහන් කර තිබේ.

ඉන්දියාවේ පැවති G20 සමුළුව අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් උණුසුම් සංවාදයක් මතුව තිබු අතර ඉන්දීය රජය විසින් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්දියාවේ සික්වරුන්ට “ඛාලිස්ථාන්” නමින් ස්වාධීන බලතල අවශ්‍ය බවට බෙදුම්වාදී මතයක් පවතින අතර හර්දීප් සින්ග් නිජ්ජාර් එම මතය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙක් බවත් ඒ අනුව ඔහු ත්‍රස්තවාදියෙක් බවද ඉන්දීය රජය සදහන් කරයි.

කෙසේ වෙතත් එම සිදුවීම මුල්කරගෙන කැනඩාවේ සිටි ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික තානාපති නිලධාරී "පවන් කුමාර් රායි" සිය රටින් නෙරපා හැරීමට කැනඩා රජය පියවර ගෙන ඇත.

කැනඩාව ගත් එම තීරණයට දැඩි කෝපයට පත්වු ඉන්දීය රජයද එකට එක කිරීමක් ලෙස කැනඩා තානාපති නිලධාරියා සිය රටින් නෙරපීට කටයුතු කර තිබේ.

Latest