Skip to content

ඉන්දීය සුපිරි නැවේ මංගල ගමන ලංකාවට..

ඉන්දියාවේ “කොර්ඩේලියා කෲස්” සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව සිය මංගල ජාත්‍යන්තර චාරිකාව සනිටුහන් කරමින් ලබන ( ජූනි) 07 වෙනි දින  ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය විසින්  වාර්තා කර තිබිණි.

ඉන්දියාව විසින් මගී ප්‍රවාහනය සඳහා දියත් කරනු ලබන නවතම සුඛෝපභෝගී නෞකාව වන මෙම  “කොර්ඩේලියා කෲස්” නෞකාව එළඹෙන 05 වැනිදා චෙන්නායි වරායෙන් සිය මංගල ගමන පිටත්ව  07 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන එම සුඛෝපභෝගී නෞකාව පිළිගැනීම සඳහා උත්සවයක් සූදානම් කර ඇති බවත් එම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට ඉඩ තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම සුඛෝපභෝගී නෞකාව චෙන්නායි සිට හම්බන්තොට, ත්‍රිකුණාමල සහ යාපනය වරායන් වෙත ගමන් කිරීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Latest