Skip to content

ගාල්ලේ තියන ඉන්දියාවේ සහල් ගබඩාව. "කිත්තංගෙය"

ශ්‍රී ලංකාව අතීතයේදී හදුන්වා දී ඇත්තේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසයි.ඒ අපේ රටේ නිෂ්පාදනය කරන ලද සහල් පිටරට වලටත් යවා ඇති නිසාය. නමුත් අතීතෙය්දී ඉන්දියාවෙන් මෙරටට සහල් ගෙන්වා ගබඩා කර සහ අලවි කර තිබී ඇති බවට වන තොරතුරක් අපට හමු විය.

මේ අපූරු සහල් ගබඩාව පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ කළුවැල්ල නම් ප්‍රදේශයේයි. මෙම සහල් ගබඩාව හදුන්වා ඇත්තේ "කිත්තංගේ" නමින්.

ගාල්ල කියන්නේ ලෝකයේ සිටින ඕනෑම කෙනෙකුට ජීවත් වෙන්නන හොද පරිසරයක් තියන ප්‍රදේශයක්. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අපූරු වරායක් ගාල්ලේ පිහිටා තිබීම බව කියනවා. පෘතුගීසීන් මෙරටට පැමිනෙන්නටත් පෙර විවිධ රටවල් වලින් පුද්ගලයින් ගාල්ලට පැමිණ තිබෙන බව පැවසෙනවා. ඔවුන් පැමිණ තිබෙන්නේ ව්‍යාපාරික කටයුතු සදහායි.

එසේ පැමිණි එක් කණ්ඩායමක් වන්නේ චෙට්ටියාර්වරුය. දකුණු ඉන්දියාවේ වෙරළ තීරයේ ජීවත් වන මොවුන් දෙමළ සම්බවයක් ඇති පිරිසක්. වෙළද කුළයට අයත් ඔවුන් ගාල්ල සහ දොඩන්දූව වරායන් වෙත පැමිණ ඇත්තේ ව්‍යාපාරික කටයුතු සදහාය.

ඔවුන්ගේ එකම අරමුණ වී තිබී ඇත්තේ ව්‍යාපාරික කටයුතු වලින් ඇති තරම් මුදල් සෙවීමය. බුරුමයෙන් සහල් ගෙන්වා ඇති මෙම චෙට්ටියාර්වරුන් ගාල්ලේ පද්මන් වෝඩ් වීදියේ තාවකාලිකව ගබඩා ඉදිකර ඒවායේ තැම්පත් කර තිබී ඇති බව කියති.

චෙට්ටියාර්වරුන් සහල් වලට අමතරව රෙදි පිළිද වෙළදාම් ද සිදු කර ඇත. මෙරටදී මුතු, මැණික්, මිලදී ගැනීමට අමතරව මුදල් පොලියට දීම සහ භාණ්ඩ උගස් ගැනීමද සිදු කර ඇත. වර්තමානයේ අප රට තුළ රාජ්‍ය සහ පුද්ගලික බැංකු රාශියක් තිබුණත්,එදා බැංකුවකින් සිදු විය යුතු සියළුම ‍දේ සිදු කර ඇත්තේ මෙම චෙට්ටියාර්වරුන් විසින් බව කියති.

ගාල්ල සහ දොඩන්දූවට පැමිණි ඔවුන් වෙළදාමට අමතරව පදිංචි වීමට සහ වගා කටයුතු සිදු කිරීමටද අමතක කර නැත. වලහන්දූ‍වේ - ලෙච්චමී වත්ත, පිලානේ - සින්තාමණී වත්ත, රත්ගම - මොරොන්චියා වත්ත ඊට උදාහරණ වේ.

ගාල්ල - කළුවැල්ල ප්‍රදේශයේ අදත් දක්නට ලැබෙන "කිත්තං ගෙය" අපූරු ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ල තුළ ඉතාමත්ම පැරණි ස්වරූපයක් ගන්නා එකකි. ගොඩගිල්ල ඇතුළත රන් භාණ්ඩ නිෂ්පාදකයින් මෙන්ම අලවිකරුවන් රැසක්ද සිටී. වර්තමානයේ කිත්තං ගෙය තුළ රන් ආභරණ නිෂ්පාදනය සහ අලවිය සිදු වුවත් අතීතයේදී මෙම ස්ථානය චෙට්ටියාර්වරුන් පාවිච්චි කර ඇත්තේ සහල් ගබඩා කිරීමට බව කියයි. කිත්තංගේ අවට පදිංචිකරුවන් පිරිසක්ද සිටී. ඔවුන් එදා මෙරටට ව්‍යාපරික කටයුතු සදහා පැමිණි චේටටියාර්වරුන්ගෙන් පැවත එන නූතන පිරිස බවද කියති. ඔවුන් අද මෙරට පුරවැසියන්ය.

මෙම කිත්තංගේ ආසන්නයේ කෝවිලක්ද පිහිටා තිබෙන අතර,එය 1760 දී පමණ ඉදිකරන ලද්දක් බව කියති.

අපේ සහල් ආනයනය කිරීම අතීතයේ සිට පවතී බවට මෙම කිත්තන්ගේය කදිම සාධකයකි.

Latest