Skip to content

ඉන්දියාවේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී 233 ක් මරුට 1000 කට තුවාල

ඉන්දියාවේ ඔඩීසා ප්‍රාන්තයේ මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීඑහි ගමන්ගත්  233 දෙනකු මියගිය බවත්, 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි.

දුම්රිය දෙක ධාවනය වන අවස්ථාවේදී සංඤා දොෂයක් හේතුවෙන්  ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් දිස්ත්‍රික්කයේදී දුම්රිය දෙක එකිනෙක ගැටී ඇති බවට සැකපල කරන අතරම මෙම සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

දුම්රියේ වේගය වැඩීවීම හෙතුවෙන් දුම්රිය මැදිරි දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී පෙරැළී ගොස් ඇති අතරම තවත් සමහරක් දෙකඩ වී ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට ලත්වූයේ කොල්කටා සිට චෙන්නායි දක්වා ධාවනය වන 'කොරොමැන්ඩල් එක්ස්ප්‍රෙස්' ශීඝ්‍රගාමී මගී දුම්රිය සහ 'යෂ්වෝන්ත්පූර් එක්ස්ප්‍රෙස්' ශීඝ්‍රගාමී මගී දුම්රියයි.

මේ අතර අනතුර සිදුවුණු දුම්රිය දෙකේ, තවත් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ද ගැටී පීලි පැන අතැැයිද ඇතැයි ද පැවැසෙන අතර අනතුරින් දුම්රිය මැදිරි 10 කට වැඩි ප්‍රමාණයක් සම්පූරණයෙන්ම විනාශ වී ඇතැයිද වාර්ථ වේ.

මැදිරි තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ නිලධාරීන් 600 ක පිරිසක් යෙදවා ඇති අතර තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි මාධ්‍ය වාර්තා කරයි..

Latest