Skip to content

ඉන්දියාවේ මුදල් ශ්‍රී ලංකාව තුල භාවිතා කරන්න සැරසෙයි

ඉන්දීය මුදල් ශ්‍රී ලංකාව තුළ වලංගු මුදල් එකකයක් ලෙස භාවිතයට අවසර ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අතර සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය සංචාරයේදී පැමිණි එකඟතා පිළිබඳව කරුණු ශාරංශ වශනේ පැහැදිලි කරමින්  පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉන්දීය සංචාරයේදී දෙරට අතර ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම්වලට ද එළඹුණු බව කී අමාත්‍යවරයා ත්‍රිකුණාමලය, කොළඹ සහ දකුණු ඉන්දියානු වරායන් අතර සම්බන්ධතාවය ඇති කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමේ වැදගත්කම පිළිබඳව ද ප්‍රධාන වශයෙන් එහිදී දෙපාර්ශ්වයන් අතර සාකච්ඡා පැවැත්වූ බවද වැඩිදුරටත් පැවසීය. තවද

"ලංකාව ඊළඟ ස්ථරයට යන්න නම් ආයෝජන අවශ්‍යයි. එහිදී රජයන් අතර පමණක් නෙමෙයි පෞද්ගලික අංශ අතරත් එකඟතා ඇති කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහා අපි සාකච්ඡා කළා. "

"ලංකාව තුළ වලංගු මුදල් එකකයක් ලෙස ඉන්දියන් රුපියල භාවිත කිරීමේ හැකියාව පිළිබඳව සලකා බලලා තියෙනවා."

"ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීම. ඉන්දීය විශ්වවිද්‍යාල ලංකාවේ නිර්මාණය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කළා."

Latest