Skip to content

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්, ආරක්ෂක ලේකම් හමුවෙයි!

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්, ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ 11 වෙනිදා දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා සිය උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වී තිබෙනවා.

නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය පාණ්ඩේ මහතා මෙම අදහස් පළ කළේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවූ අවස්ථාවේදීයි.

ආරක්‍ෂක උපදේශක කපිතාන්, විකාස් සූද් සහ සහකාර ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් සමඟින් පැමිණි ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, අන්‍යෝන්‍ය වශයෙන් ද්විපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී සුහද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ආරක්‍ෂක ලේකම්වරයා  ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් සිය සහයෝගය ද ප්‍රකාශ කරමින් නවතමයෙන් පත් වූ ආචාර්ය පාණ්ඩේගේ ඉදිරි කටයුතු සඳහා සුබපැතුම් ද එක් කල බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ

Latest