Skip to content

වැස්සෙන්, ගංවතුරෙන් ඉන්දියාවම හාන්සියි. පාරවල් 800 ක්, පාසැල් වසයි.

උතුරු, දකුණු  සහ වයඹ දිග ඉන්දීය ප්‍රදේශයන්ට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් සහ ගංගාවන් සියල්ලක්ම උතුරා යමින් ඇතිව තිබෙන ගංවතුර තත්වයන් හේතුවෙන් සිදුව මරණ 24  ක් පමණහඳුනාගෙන ඇති අතරම තුවාල වූ සංඛ්‍යාවක් සහ විපතට පත්වූ සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් හඳුනාගෙන නොමැති බවට ඉන්දීය මාධ්‍ය වර්ථා කරයි.

හිමාචල්, ජම්බු කාශ්මීර්, දිල්ලි, ගුර්ගෝන්, ෆරීදාබාද්, චන්දිගාර්, රාම්පූර් ථ බන්ජාර්, බටහිර හිමාලය, පන්ජාප්, හර්යානා, රාජස්ථාන්, මහාරාස්ට සහ ගුජරාට් ඇතුලු තවත් ප්‍රදේශ රැසකට මේ වන විට අධික වර්ෂාවක් ඇදහැලෙන අතරම එය වරෙක මිලිමීටර් 420 ක අගයද ඉක්මවා ඇති බවට ප්‍රදේශ භාර කලගුණ විද්‍යා නිලධාරීන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් පවතින අනතුරු දායක තත්වයන් හේතුවෙන් සියලුම පාසල් වෙතට ඉදිරි දින කිහිපය නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දී ඇති අතරම සැලකිය යුතු දුම්රිය ගමන්වාර රැසක්ම මේ වන විට අවලංගු කිරීමටද එරට බාලධාරීන් විසින් පියවර ගෙන ඇත.

මේ වන විටත් ප්‍රදේශ රැසක නායයෑම් 20 කට ආසන්න ප්‍රමාණයක් වාර්ථා වී ඇති අතරම නායයෑම් සහ ගංවතුරට හසුව පුද්ගලයින් 24 දෙනෙකුගේ පමණ මළ සිරුරු සහණ කණ්ඩායම් විසින් සොයාගෙන ඇත. එමෙන්ම පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් විපතට පත්ව ඇති බවටද වාර්ථා වෙයි.

එමෙන්ම අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකම විදුලිය සම්පූරණයෙන්ම විසන්ධි වී ඇති අතරම ප්‍රධාන මාර්ගයන් 800 කට ආසන්න ප්‍රමාණයක් වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන ඇති අතරම සාමාන්‍ය ජනජීවිතිය සම්පූරණයෙන්ම අඩාල වී ඇත.

Latest