Skip to content

සුලි කුණාටුවෙන් සහ අධික රස්නෙන් හෙම්බත් වූ ඉන්දියාව.

සුලිකුණාටුව සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත වැසියන් පිරිසක් දැඩි පීඩාවන්ට පත්ව සිටින අතර උෂ්ණත්වය හේතුවෙන් මිය යන ප්‍රමාණය දිනෙන් දින වැඩිවන බවටද ඉන්දීය මාධ්‍ය වාර්ථා පෙන්වා දෙයි..

මේවනවිට ඉන්දියාවේ උත්තර් සහ බිහාර් ප්‍රන්තවලට සෙල්සියස් අංශක 43.5 ක තරම් වූ අධික උෂ්ණත්වයක් වාර්ථා වී තිබීම ඉතිහාසයේ වැඩිම බලපෑම ලෙසින් වාර්ථා වෙද්දී මේ හේතුව නිසාම මේ වන විට 170 ක් පමණ මිය ගොස් ඇතැයිද වාර්ථා වෙයි.

උත්තර් සහ බිහාර් ප්‍රදේශයේ පිහිටි රෝහල්වල මෘතශරීරාගාරද මළසිරුරු වලින් පිරී යද්දි අධික උෂ්ණත්වය හේතුවෙන් රෝගී වූ ජනතාව දහස් ගණණකින් රෝහල් සියල්ලක්ම පිරී පවතින අතරම බොහෝ පිරිස් රෝහල් වෙතට ඇතුලු වීමට නොහැකිව එලිමහනේද සිටින බවට වාර්ථා වෙයි.

පවතින උෂ්ණතවය හමුවේ ප්‍රදේශ ගණනාවකටම විදුලියද විසන්ධි වී ඇති හෙයින් තත්වය තවත් බරපතල වී ඇති අතරම මිය යන පිරිස්වලින් වැඩි පරිසක්ම වයෝවෘද්ද පුද්ගලයින් වන අතරම සෙසු පුද්ගලයින් විවිධ රෝගාබාධයන්ගෙන් පෙලීම නිසා අධික උෂ්ණත්වය සිරුරට දරාගැනීමට නොහැකි වීමෙන් මිය ගොස් ඇති බවටද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝහල් පිරී යාම නිසා එලිමහනේ සිටින පිරිස්

මේ අතර බිපර්ජෝයි සුලි කුණාටුවේ බලපෑම හේතුවෙන් පීඩාවන්ට පත් වූ බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ලක්ෂයකට අධික ජනතාවක් අවතැන් කඳවුරු 130 ක් නවාතැන් ගෙන සිටින බවටද වාර්ථා වෙයි.

කෙසේ වෙතත් මේ වන විට සුලි කුණාටුවේ බලපෑම කෙමෙන් අඩුවීම හේතුවෙන් ඇතැම් පිරිස් නැවත නිවාස වෙතට ගමන් කිරීම ආරම්භ කොට ඇතත් බොහෝ නිවාස සුලි කුණාටුවෙන් විනාශ වී තිබීම හේතුවෙන් එම ජනතාව අනාථ වී සිටින බවටද වාර්ථා වෙයි.

සුලිකුණාටුව හේතුවෙන් ඉන්දියාවේ පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වූ අතරම මේ වන විට ගණන් බලා ඇති ආකාරය නිවාසද ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට දැඩි හානි සිදුව ඇතැයිද වාර්ථා වෙයි.

පවතින අයහපත් කාලගුණය හමුවේ විපතට පත් ජනතාවට හැකි අයුරින් පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙසට සහනසේවා  කණ්ඩායම් වෙතට බලධාරීන් දැනුම් ද ඇති අතරම පවතින විදුලිය විසන්ධිවීම් ඉදිරියට සිදුනොකිරීමට සහ නොකඩවා විදුලිය ලබාදීමටද බලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්ථා කර සිටියි.

Latest