Skip to content

ඉන්දියාව සඳෙන් නොනැවතී සූර්‍යාටත් යයි..

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට රොබෝ යානයක් පතිත කළ පළමු රට බවට පත්වෙමින් ඉතිහාසගත වු ඉන්දියාව එයින් දින කිහිපයකට පසු සිය පළමු නිරීක්ෂණ මෙහෙයුම අද (02) දින සූර්යයා වෙත දියත් කිරීමට සූදානම් බව ඉන්දිය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

හිරු ගවේෂණයට යොදා ගන්නා මෙම “Aditya-L1” යානය ඉන්දියාවේම නිෂ්පාදිත රොකට්ටුවක ආධාරයෙන්  අද (02) උදෑසන 11.50 ට පෘථිවි කක්ෂයට යැවීම සිදුවනු ඇති අතර “Aditya-L1” යානය හිරු අසලටම ගමන් නොගන්නා බවද එම වාර්තාවල සදහන්.

යානය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් හෙවත් ආසන්න වශයෙන් සැතපුම් මිලියන 93 ක් දුරින් පිහිටා ඇති “ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය” ලෙස තාරකා විද්‍යාඥයන් හඳුන්වන ස්ථානයේ රඳවා තැබෙන බවද ඉන්දියාවේ අභ්‍යවකාශ ආයතනය සදහන් කරයි.

මෙම දුර ප්‍රමානය ගමන් කිරීම සදහා යානයට මාස හතරක කාලයක් ගතවනු ඇති බවද ඉන්දිය අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කොට තිබේ.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව අධ්‍යයනය කිරීම සඳහා යන ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ පාදක මෙහෙයුම නම් කර ඇත්තේ සූර්යයාගේ හින්දු දෙවියන් වන " ආදිත්‍ය" (Aditya)  ලෙසිනි.

Latest