Skip to content

'ඉන්ධන හිඟයට හේතුව ඇමතිගේ ප්‍රකාශයයි' - ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය

ඉන්ධන පිරවුම්හල් තුළ තවදුරටත් ප්‍රමාණවත් ඉන්ධන නොමැතිකමෙන් පෝලිම් දැකගැනීමට හැකිව තිබෙනවා.

විශේෂයෙන් බොහෝ ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයකුයි මතුව තිබෙන්නේ.

ඉන්ධන මිල පහත හෙළන බවට විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කිරීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් කිරීමෙන් වැළකී ඇත.

ඉන්ධන හිඟයට ප්‍රධාන වශයෙන් හේතුව වී ඇත්තේ එයයි.

මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පැවසුවේ මතු වූ ඉන්ධන හිඟය ඇමතිවරයාගේ මිල අඩු කිරීමේ ප්‍රකාශය හේතු වී තිබෙන බවයි.

''ගොඩක් ඉන්ධන පිරවුම් හල් ඉන්ධන මිල අඩු වෙයි යන සැකය නිසා ඉන්ධන ඇණවුම් කිරීමක් සිදු කළේ නැහැ. මේ නිසා ඉන්ධන පිරවුම් හල් වල බෙදා හැරීම සඳහා ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි තිබුණේ නැහැ.

අනිත් කාරණය ගියවර ඉන්ධන මිල විශාල වශයෙන් අඩු වුණා. මේ කාරණාව නිසා ඉන්ධන ඇණවුම් කරපු ඇණවුම් වලට පවා වැඩි මුදලක් ගෙවන්න සිදු වුණා. ඒ නිසා ඉන්ධන ඉන්ධන  පිරවුම්හල් විශාල පාඩුවක් ලැබුවා. මෙම ලබපු පාඩුව ඇමතිතුමා ඉන්ධන පිරවුම්හල්වලට ලබා දෙනවා කීවත් මේ වන තෙක් ලබාදීලා නැහැ. ඉහත කාරණාව නිසා ඉන්ධන පිරවුම්හල් වලට අවශ්‍ය ප්‍රාග්ධනය තිබුණේ නැහැ. මේ නිසා ඉන්ධන පිරවුම්හල් අපහසුවෙන් ගමන් කළේ. මේ නිසා ඉන්ධන පිරවුම්හල් මෙවර ඉන්ධන ඇණවුම් කිරීමත් සිදු කළේ නැහැ.

ඒ වගේම පොසොන් එකට දුර පළාත්වල යෑමට ඉන්ධන ලබා ගැනීම නිසා ඉන්ධන අවසන් වීමක් සිදුවුණා.'' යනුවෙන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Latest