Skip to content

ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනයට!

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සමගාමීව දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම විශ්‍රාමික අරමුදල්වලට ඉදිරියේදී ආරාධනා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අදාළ සකච්ජාවලින් පසු අවශ්‍ය තීරණ ගැනීම සඳහා ඉඩ සලසා දෙන බවත් විකල්ප අදහස් ඇත්නම් ඒවා ගැන සලකා බලන බවත් එම අරමුදල්වල ප්‍රතිචාර අනුව ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද සියඹලාපිටිය මහතා පවසයි.

Latest