Skip to content

මාස පහක කාලය තුළ යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1160 දෙනෙකු හදුනාගනියි.

ඩෙංගු මර්දන දුමායනය කරන අයුරු.

මේ වසරේ ගතවු මාස පහක කාලය තුළ යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 1160 දෙනෙකු වාර්තා වි ඇති බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි ඒ.කේදීශ්වරන් මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික් ඩෙංගු මර්දන වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ(12) පැවැත්වු සාකච්ජාවකදී දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේය.

යාපනය දිස්ත්‍රික්කය තුළ පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලය කිරීම වෙනුවෙන් මැයි 16 වැනිදා හා 17 වැනිදා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද හෙතෙම පැවසුවේය.

යාපනය දිස්ත්‍රික්කයේ සියළුම රාජ්‍ය ආයතන,පාසල්,පෞද්ගලික ආයතන තමන් සේවය කරන හා අධ්‍යාපනය ලබන සියළුම ස්ථාන පුර්ණ පවිත්‍ර කිරීමක් 16 වැනිදා 17 වැනිදා සිදුකළ යුතු බවද සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.

දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පැවසූවේ තමන් ජිවත්වන අවට පරිසරය තුළින් ඩෙංගු කීටයන් බෝවීමට අවශ්‍ය වටපිටාවක් පවතින සියළු රාජ්‍ය ආයතන,පෞද්ගලික ආයතන හා පාසල් වලට විරුද්ධව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

පැවති වර්ෂා තත්වයත් සමඟ උතුරු පළාතේ ඩෙංගු රෝගී වර්ධනය ශිඝ්‍ර වි ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Latest