Skip to content

වසරේ පළමු අර්ධයේ ආනයන මෙන්ම අපනයනත් පහත වැටිලා!

මේ වසරේ පළමු අර්ධයේ දී මෙරට අපනයන ආදායම සැළකිය යුතු ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

2023 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ආනයන 18.6% කින් පහත වැටී ඇති අතර එය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 8.16 ක් ලෙසයි.

එම කාලය තුළ මෙරට අපනයන ආදායම ද ඩොලර් බිලියන 5.87ක් දක්වා 10%කින් පහත වැටී තිබේ.

මේ අතර  පසුගිය ජුනි මාසයේ ආනයන වියදම 11.6% කින් ඉහළ ගොස් ඇති අතර එම මාසයේ ඉන්ධන ආනයන වියදම 45%කින් වැඩිවීම ඊට හේතුව බවයි මහ බැංකුව පවසන්නේ.

පසුගිය ජුනි මාසයේ අපනයන ආදායම 19.5% කින් පහත වැටීම ද විශේෂත්වය වන අතර අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය යන ප්‍රධාන වෙළෙඳපොළ වෙත ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම අඩුවීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ.

කෙසේවෙතත් මෙම වසර අවසානයේ දී කිලෝග්‍රෑම් මිලියන 280ක තේ නිෂ්පාදනයක් බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියාසිටියි.

Latest