Skip to content

අත්ඩංගුවට ගන්නා  පොලිසියත්, අත්ඩංගුවට ලක්වන පුද්ගයාටත් බලපාන නීතිිය ගැන ඔබ දැනුවත්ද ?

1.1 සාකච්ජාව

යම් කුමන‌ හෝ අවස්ථාවකදී කුමන හෝ චෝදනාවක් පාදක කරගෙන අත්ඩංගුවට ගැනීමක් සිදු කරන්න පොලිසිය ඔබ ඉදිරියට පැමිණහොත් එවිට ඔබට බලපාන නීතිය කුමක්ද කියලා දන්නාවාද?

මේ සම්බන්ධයෙන් අවශ්‍ය වන නීතියම තත්ත්වය ශ්‍රි ලංකා දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම 1979 අපරාධ නඩු විධාන සංග්‍රහය තුළ අවශ්‍ය නීතියම කරුණු දක්වා තියෙනවා.

අත්ඩංගුවට ගත යුතු ආකාරය -

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 23(1) වගන්තියට අනුව,

Ø  අත්ඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔබට විරුද්ධව ඇති චෝදනාව පොලිසිය විසින් ප්‍රකාශ කළ යුතු වීම.

Ø  අත්ඩංගුවට ගැනීමට පැමිණි පොලිසියේ වචනයට හා ක්‍රියාවට විරුද්ධ වුනොත් මිසක සිරබාරයට ගනු ලබන තැනැත්තාගේ ශරීරය සැබැවින්ම ස්පර්ශ කරලා රදවා තබා ගැනීම නොකළ යුතුයි.

එනම් ඔබව පොලිසිය විසින් අත්ඩංගුවට ගැනීමේදී ඔබ එම පොලිසියේ ක්‍රියාවට විරුද්ධ වුවහොත් හෝ අවහිරයක් පෑමට උත්සහ කළහොත් පමණක්  පොලිසය විසින් ඔබව ශරීරයෙන් අල්ලාගෙන රදවා ගැනීමට කටයුතු කළ යුතුය. එසේ නොමැති නම් පොලිස් භාරයේ සිටියදී ඔබේ ශාරීරික නිදහස ලබා දීමට ඔවුන් වගකීිමෙන් බැදෙයි.

එසේම ඇතැම් අත්ඩංගුවට ගැනීම් වල ස්භාවය වෙනස් වේ. එනම් යම් හෙයකින් පොලිසිය විසින් සිවිල් ඇදුමින් හෝ රාජකාරිමය ඇදුමෙන් පැමිණි ඔබ කරමින් සිටි කාර්ය කිරීමට නොදී වළක්වා ඔවුන්ගේ බාරයේ තබා ගන්නේ නම් හා සැබැවින්ම ඔබව අත්ඩංගුවට ගෙන නමුත් එලෙස නැති බව කියමින් ව්‍යාජව රගපාන්නේ නම් ද එය ද අත්ඩංගුවට ගැනීමකී. උදාහරණයක් ලෙස ඔබ බස්රථයක ගමන් ගන්නා විටකදී පොලිසය පැමිණ ඔබව බස් රථයෙන් බැස්සුවෙන් නම් එලෙස බස් රථයෙන් බැස් වු මොහොතේ අත්ඩංගුවට පත්වුවා ලෙස සලකයි. මේ සම්බන්ධයෙන් රේගු නිළධාරී පියසීලි හා සහකාර පොලිස් අධිකාරී නිමල් ප්‍රනාන්දු කියන නඩු තීන්දුවේදී සාකච්ජ වු අතර මෙහිදී අධිකරණය ප්‍රකාශ කලේ මෙම නඩුවට අනුව රේගු නිළධාරීන් කිහිපදෙනෙක් ගමන් ගත් ගමන්රථය මගදී නවතා අල්ලස් දෙපාර්තුමෙන්තුවට පැමිණෙන ලෙස ප්‍රකාශ කර තිබේ. ඒ මොහොතේ දී ම අත්ඩංගුවට පත් වුවා ලෙස විනිශ්චකාරවරයා සලකන ලදී.

එසෙම මෙම අත්ඩංගුවට ගැනීමේදී වැදගත් ම වගන්තියක් ලෙස 23(2) වගන්තිය හදුනාගත හැකිය. එම වගන්තියට අනුව යම් තැනැත්තකෙුව අත්ඩංගුවට ගැනීමේදී කිසියම් ප්‍රතිරෝධයක් හෝ විරෝධතාවයක් දැක්වුවහොත් එම අදාල තැනැත්තාව අත්ඩංගුවට ගැනීමට පොලිසියට සාධාරණ බලයක් යෙදිය හැකි බවයි. නමුත් මෙහිදී අවධානය කළ යුත්තේ 23(2) අතුරු විධානයට අනුව සාධාරණ බලයක් යෙදවිය හැකි වුවත් අදාල වරද මරණීය දණ්ඩනය නොලබන වරදක් නම් කිසිදු විටක යොදවන සාධාරණ බලය මරණය දක්වා  ව්‍යාප්ත නොවිය යුතු බවයි.

මෙහිදී සාධාරණ බලය යන්න අර්ථ යන්න කුමක්ද ප්‍රථමයෙන් වටහා ගත යුතුයි. ශ්‍රි ලංකා පොලිසිය විසින් පුද්ගලයන්ව අත්ඩංගුවට ගන්නා අවස්ථාවේ දී  ඇති වන ආරවුල් වලදී අත්ඩංගුවට ගත යුතු පුද්ගලයන්ව සාධාරණ බලය යොදා ඝාතනය කරන අවස්ථා බොහෝමයක් අපට අසන්නට දකින්නට ලැබේ. මෙහිදී සැලකිලිමත් විය යුතු වන්නේ සාධාරණය බලය යනු කුමක්ද යන්නටයි. සාධාරණ බලය යන්නට නිසි අර්ථ නිරුපණයක් ශ්‍රි ලංකා නීතියේ සදහන් කර නැහැ. නමුත් රජ එදිරිව තිසාහාමී නඩුවේදී  විනිසුරුවරුන් ඉතා සෘජුව ප්‍රකාශ කරන්නේ අත්ඩංගුවට ගැනීමට යෑමේදී චෝදනා ලබා ඇති පුද්ගලය විරෝධතාවක්, අවහිරයක් හෝ පොලිසියට පහර එල්ල කිරීමට හෝ පහර එල්ල කිරීමක් සිදු කරනවා නම් එහිදී පොලිසය විසින් අදාල විරෝධය අවහිරය නැවැත්වීමට හෝ එලෙස විරෝධයක් අවහිරයක් සිදු කරන උපකරණය ඉවත් කරන්න කටයුතු කරනවා මිසක අදාල පුද්ගලයා මරණයට පත් කිරීමට නොකළ යුතු බවයි. ඒ අනුව අන්තර්ජාතිකව මේ වන විට අධිකරණ තීන්දුවලින් පවා මරණ දණ්ඩනය ලබා දීම මුලික මානව හිමිකම් කඩ කිරීමක් ලෙස හදුනාගෙන තිබෙන අවධියකදී කිසිදු විටකදී සාධාරණ බලය සදහා මරණයක් සිදු කිරීම සාධාරණීකරණය කිරීමට නොහැකි වේ.

විශේෂයෙන්ම අත්ඩංගුවට ගැනීමේ දී මෙන්ම අත්ඩංගුවට ගෙන නිසි අධිකරණයක සාධාරණ නඩු විභාගයකින් තීන්දුවක් ලැබෙන තුරු පොලිස් රැදවුම් භාරයේ සිටින කාලයේදී පවා පොලිසය මෙන්ම පොලිස් අත්ඩංගුවේ සිටින සියලුම තැනැත්තන් විසින් අවබෝධ කරගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ලබා දී ඇති ආරක්ෂාව කුමක්ද යන්න.

මෙහිදී ඊලගට මතු වන ගැටළුව වනුයේ පොලිසිය විසින් ඇයි පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුත්තේ යන්න. ඕනෑම තත්වයක සිටින ඕනෑම පුද්ගලයකුට (සිරකරුවන්ගේ පවා) ජීවිතයට හා ජීවිතය ආරක්ෂා කර ගැනීමේ අයිතිය රජය විසින් සෑම විටම ආරක්ෂා කළ යුතු බව. එහිදී ශ්‍රි ලංකා පොලිසිය යනු රජයේ අධිකාරිය ලබා සිටින රජයේ ආයතනයකි. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ආරක්ෂාව ක්‍රියාත්මක කරමින් පුද්ගලයක්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පොලිසය බැදී සිටි. අනෙක් අතට පොලිස් ආඥා පනතේ 35 වගන්තියට අනුව පොලිසට පැවරනෙ මුලික යුතුකම් ලෙස පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම හා මහජන සාමය ආරක්ෂා කිරීම කළ යුතු වේ. ඒ අනුව පොලිසිය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා එවා භුක්ති විදීමට බාධා නොකීරීම කළ යුතු අතරම පොලිස් ආඥා පනතේ නෛතික යුතුකම් ද ඉෂ්ට කිරීමට වගකීමෙන් බැදී සිටි.

ඒ අනුව ඉතාම මෑතකදී සිදු වු ආර්. රාජකුමාරි ඝාතනය කිරීමේ සිට මීට පෙර අවස්ථා වලදී ශ්‍රි ලංකා පොලිසය විසින් සිදු කරනු ලැබු අධිකරණ පරිබාහිර ඝාතන, වධහිංසා වලදී හදුනාගත හැකි මුලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 හා 13(4) යන මුලික අයිතිවාසිකම් සදහා සැලකිල්ලක් නොදක්වා කටයුතු කරන ආකාරයයි. 11 ව්‍යවස්ථාවට අනුව කෘර අමානුෂික අවමන් සහගත වධහිංසාවෙන් තොර වීමට සෑම තැනැත්තකුටම අයිතියක් තිබේ.නමුත් පොලිසිය විසින් සෑම  වසරකම විශාලා ප්‍රමාණයක් වධහිසංවට ලක් කරයි. එලෙසම තරංගා ලක්මාලී නඩු තීන්දුවට අනුව පොලිසයට හෝ කිසිදු රාජ්‍ය පාර්ශවකට පුද්ගලයකු ගේ ජීවිතයට තිබෙන අයිතිය හෝ ජීවිතය හානි වලින් ආරක්ෂා කර ගැනීමේ අයිතිය අහිමි වන්නේ නොවෙන බවයි.

තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  13(4) ව්‍යවස්ථාව මගින් ප්‍රකාශ කරන්නේ, නිසි අධිකරණ කාර්ය පටිපාටියකින් සිදු කරනු ලබන සාධාරණ නඩු විභාගයකින් තොරව කිසිදු අවස්ථාවකදී දඩුවම් නොකළ යුතු අතර අධිකරණය විසින් වැරදි කාරිත්වය පිළිගන්නා තුරු නිර්දෝෂි බවේ පුර්ව නිගමනය ක්‍රියාත්මක වන බවයි. එනම් පොලිසයට පැවරී ඇති කාර්ය වන්නේ අදාල චෝදනාව ලබා සිටින තැනැත්තා සම්බන්ධයෙන් ඇති සාක්ෂි සෙවීම මිස අත්ඩංගුවට පත්ව සිටින පුද්ගලයා හරිද වැරදිද  යන්න තීරණය කිරීම නොවේ.

ඒ අනුව ඔබ අත්ඩංගුවට පත් වුවහොත් එසේ වීි ඇත්නම් එහිදී මුලික වශයෙන් අවධානයට යොමු කළ යුත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 23(1) හා 23(2) වගන්තීන් කෙරෙහි ද අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) ව්‍යවස්ථාව හා 13(4) යන ව්‍යවස්ථාවන් කෙරෙහි ය.

Latest