ශ්‍රීලංකාව තුල ගෙවී ගිය වසර තුනේදී (2020, 2021 සහ 2022) සිදුවී ඇති රිය අනතුරුවලින් හත් දහස් එකසිය හැත්තෑ දෙදෙනකු (7172) මියගොස් ඇති බවට පොලිස් මූලස්ථානයේ රථවාහන අංශය විසින් පෙන්වා දෙයි.
ගෙවී ගිය වසර තුනේදී සිදුවී ඇති සමස්ථ රිය අනතුරු ගණන 67,687 ක් වන අතර. රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ ගෙවී ගිය 2022 වසරේදී වීමද විශේෂත්වයක් වන අතරම එම මියගිය සංඛ්‍යාව වශයෙන් 2,515 බවට වාර්ථා වෙයි..
මේ අතර ගෙවී ගිය 2021 වර්ෂයේදී සිදු වූ රියඅනතුරු වලින් පුද්ගලයින් 2,513 දෙනෙක්ද 2020 වර්ෂයේදී සිදු වූ අනතුරු වලින් 2,144 දෙනෙක්ද මියගොස් ඇති බවට පෙන්වා ඇත.
දිවයින පුරා 2020 වර්ෂයේදී මාරක රිය අනතුරු 2,040 ක්ද, 2021 වර්ෂයේ දී මාරක රියඅනතුරු 2,414 ක්, 2022 වර්ෂයේදී මාරක රිය අනතුරු 2,395 ක්ද සිදුව ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසා සිටියි.