Skip to content

ඉම්රාන් ඛ‍ාන් පවුලටයි පී.ටී.අයි. පක්ෂයේ 500 කටයි රටින් පිටවීමට තහංචි දමයි

පකිස්තානයෙි හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්ඛාන්ට සහ ඔහුගේ බිරිඳ වන බුස්රා බිබී ඇතුලු පී.ටී.අයි පක්ෂයේ ප්‍රභල දේශපාලන නියෝජිතයින් 500 කට අධික පිරිසකට රටින් පිටවීමේ අධිකරණ තහනමක් පනවා ඇතැයි වාර්ථා වෙයි..

පසුගියදා පකිස්ථානයේ පැවති දැඩි විරෝධතා අරගලය හේතුවෙන් මේ වන විට අරගලකරුවන් 2000 කට අධික ප්‍රමණයක් අත්අඩංගුවට ගත් අතර තවත් එවැනි පිරිසක් අත්අඩංගුවට  ගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවටත් අදාල අරගලය පී.ටී.අයි පක්ෂයේ ආධාර කරුවන් සිදුකිරීම හේතුවෙන් මෙම විදෙස්ගමන්  අධිකරණ තහනම ක්‍රියාත්මක වී ඇතැයිද පකිස්ථානයේ ආරක්ෂ නිලධාරීන් මාධ්‍යට පවසා සිටියහ.

එහිදී ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ ඉම්රාන්ඛාන්ට විදෙස්ගමන් තහනම ක්‍රියාත්මක කිරීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව සිදුවේච්ච දෙයක්. සෑම අයෙකුටම අධීකරණයේ නඩු විභාගවීමේදී අධික්‍රණ තහනම් නියෝගයක් පැනවෙනවා. යනුවෙනි.

මේ අතර අධිකරණ තහනම් නියෝගය පිළිබඳව ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ,

‘මට විදේශගතවීමට කිසිදු අදහසක් නොමැත. මොකද මට මේ රටින් පිටත විදේශයන්හි දේපල හෝ ව්‍යාපාර හෝ රටින් එපිට බැංකු ගිනුම් නැහැ එම නිසා ස්තූතියි පකිස්තාන රජයට මගේ නමත් පියාසර ලැයිස්තුවට ඇතුලත් කොට තහනම පැනවීම ගැන.ඒ වගේම මට නිවාඩුවක් ගතකිරීමට අවස්ථාවක් ලැබුනහොත් මගේ ප්‍රියතම ස්ථානය මේ රටේම උතුරු කඳුකර ප්‍රදේශය බවටය යනුවෙනි.

ට්විටර් සටහන පහලින්..

https://twitter.com/ImranKhanPTI/status/1661973760679768065?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1661973760679768065%7Ctwgr%5E72647797498d006164d7857505400d0f608540fe%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.aljazeera.com%2Fnews%2F2023%2F5%2F26%2Fpakistan-slaps-travel-ban-on-ex-pm-imran-khan-amid-row-with-army

එමෙන්ම ඉම්රාන් ඛාන් වැඩිදුරටත් සමාජ මාධ්‍යන් වෙතට සහභාගී වෙමින් පවසා සිටින්නේ මේ වන විට රටේ ආර්ථිකය කඩාවැටෙමින් පවතින්නේ මේ රට අරාජිකත්වයට යමින් පවතිනවා රටේ පාලකයින්ට ඒ ගැන කිසිදු වගකීමක් නැහැ හැකි ඉක්මනින් මැතිවරණයක් පවත්වා මෙයට දේශපාලනික විසඳුමක් ලබාදිය යුතු බවටත්ය.

Latest