Skip to content

ඉම්රාන්ඛාන් නිදහසට අධාරකරුවන්ගෙන් දිගටම විරෝධතා ඉල්ලයි.

ඉදිරියේ නියම නිදහසක් භූක්ති විඳීමටනම් නිදහස වෙනුවෙන් රටපුරා වීථි බැස විරෝධතා පවත්වන ලෙසට පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.'

පසුගියදා අත්අඩංගුවට ගත් පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් පසුව නිදහස ලබා ඉම්රාන් ලාහෝර් හි පිහිටි සිය නිවස වෙත පැමිණිමෙන් පසුව මෙම ප්‍රකාශය සිදුකොට ඇත..

එහිදී සමාජ මාධ්‍ය වීඩියෝවක් මගින් හිටපු අගමැතිවරයා  සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ වීථි බැස විරෝධතාවන්හි නිරත වන ලෙසය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ

‘නිදහස ලෙහෙසියෙන් ලැබෙන්නේ නැහැ එහෙයින් ඔබ එය උදුරාගත යුතුයි. ඒ වෙනුවෙන් ඔබට කැපවීම් සිදුකරන්නට සිදුව තිබෙනවා යනුවෙනි.

ඉම්රාන් ඛාන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔහුට සහාය දැක්වීමට මේ වන විටත් විශාල පිරිසක් ලාහෝර් හි පිහිටි ඔහුගේ නිවස අසලට පැමිණෙමින් සිටින අතර මේ ආධාර කරුවන් ආරක්ෂක අංශ සමගද ගැටීමට උත්සහ දරමින් සිටිති.

ඊට හේතුව වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම පකිස්ථානයේ පැවති විරෝධතාවන් අතරතුරදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව එරට රජය විසින් හමුදා නීතිය යටතේ නඩු පැවරීමට උත්සහ දරමින් සිටින බවට තොරතුරු අනාවරනය වීම හේතුවෙනි.

පසුගිය සතියේදී හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගත් අතර ඒ සමඟ රටපුරා ප්‍රචණ්ඩ විරෝධතා පැවති අතර .විරෝධතා අතරතුර පොලිස් වාහන 74ක් සහ රජයේ ගොඩනැගිලි 22ක් ගිනි තබා විනාශ කිරීමට විරෝධතාකරුවන් කටයුතු කළ අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 2,800ක් අත්අඩංගුවට ගැණුනි. එමෙන්ම පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න ආධාරකරුවන් ප්‍රමාණයක් ත්‍රවාල ලැබීමද සිදුවිය.

Latest