Skip to content

භාණ්ඩ 300ක ආනයන සීමා සතිඅග ඉවතට..

රජය විසින් මෙතෙක් ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ 300ක එම ආනයන සීමා මේ සතිය අගදී ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ අනුව මේ වන විට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216ක් දක්වා අඩු වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රට තුල එවකට පැවති ඩොලර් හිගයට පිළියමක් ලෙස 2020 මාර්තු මාසයේදී පැනවූ මෙම ආනයන සීමා කිරීමට භාන්ඩ 3,000ක් පමණ ඇතුලත් විය.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ආනයන සීමා නිකුත් කොට තිබූ  අත්‍යවශ්‍ය භාන්ඩ රැසකම එම සීමා ලිහිල් කෙරුණු අතර  එම භාණ්ඩ ගණන 1,484 ක් පමණ විය.

Latest