Skip to content

වහාම ජනහා නිවාස සංගණනයක් පවත්වන්න.

ජනපතිගෙන් නියෝගයක්.

2023 සහ 2024 යන වර්ෂ වලට අදාලව "ජන හා නිවාස සංගණනයක්" පැවැත්විය යුතු බවට නියෝග කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 2023 ජූලි 10 දිනැති මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය ජනලේඛන ආඥාපනත යටතේ නිකුත් කර ඇත.

මෙය මෙරට පැවැත්වෙන 15 වන ජන හා නිවාස සංගණනය වේ.

පසුගිය 2021 වර්ෂයේදී මෙම 15 වන ජන හා නිවාස සංගණනය  පැවැත්වීමට නියමිතව තිබුණද කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට රජයට සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 දී පවත්වන ලද අතර අවසන් වරට ජන හා නිවාස සංගණනය 2012 දී පවත්වන ලදී.

සෑම දස වසරකට වරක් ජන හා නිවාස සංගණනයක් සාමාන්‍යයෙන් සිදු කරනු ලබයි.

Latest