Skip to content

IMF විවාදයට විරුද්ධව ජන්දය දීමට නිදහස ජනතා සභා⁣ව සුදානම්

නිදහස ජනතා සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පැවැත්වු  මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා,..


රජය IMF ගිවිසුම සම්බන්ධයෙන් සද්භාවයෙන් කටයුතු නොකරන නිසා නිදහස ජනතා සභාව අද පස්වරුවේ විරුද්ධව ඡන්දය දෙනවා.
IMF යෝජනාවලිය හරහා ණය උගුලෙන් එළියට ඒමට හැකියාවක්ද නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම විශාල ගැටළුවක් බවට පත්වෙලා. මෙය බැංකු පද්ධතියට බලපෑම් කරනවා.කොටස් වෙළඳ පොළට දැනටම දැනිලා. රාජ්‍ය ව්‍යාපාර විකිණීම ගැන අපි දැඩි ලෙස විරෝධය පළ කරනවා.සමාජ ආරක්ෂණ දැල ක්‍රියාවට නංවා නැහැ.



අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා,..

ණය හා බැඳුණු රනිල් වික්‍රමසිංහ ඉතිහාසය අපි ඡන්දය නොදීමට එක් හේතුවක්. මීට ඉහත දී රනිල් වික්‍රමසිංහ මහතා මුලිකවී IMF වෙතින් ඩොලර් බිලියන තුනකට වඩා ණය ලබාගෙන තිබෙනවා.එපරිද්දෙන්ම මෙවරත් ණය මාවතක් විවෘත වී තිබෙන බව පේනවා.
කර්මාන්ත ඇමැතිවරයා ලෙස රාජ්‍ය ආයතන 80 ගජ මිතුරන්ට කුණුකොල්ලයට ලබා දුන් ආකාරය අපිට අමතක නැහැ.
ශ්‍රී ලංකාව IMFසාමාජිකත්වය දරනවා.එහෙත් ඔවුන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මෙම ගිවිසුම හරහා එකදු ඩොලරයක්වත් වෙන්කර නැහැ.
IMF විරෝධය නිසා අපේ කණ්ඩායමට දැන් ආණ්ඩුව ප්‍රහාර එල්ල කරන්න පටන් අරන්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ සිද්ධිය අපිට මඩ ගහන්න යොදාගෙන.


අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා,..


IMF ගිවිසුම පුස්සක්. 2027 වනවිට අපට හිටපු තැනටම  යන්න සිදුවෙනවා. ඉදිරිය ගැන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැහැ.කොටස් වෙළෙඳපොළ තමයි රටේ ආර්ථිකයේ ප්‍රතිබිම්බය. අද එය බරපතළ කඩාවැටීමකට ලක්වෙලා.ඇගලුම් කර්මාන්තය 11% ක් කඩා වැටිලා.IMF ගිවිසුම මගින් ආර්ථිකයට විසඳුම් ලබාදෙනු වෙනුවට, ජනතාව තවදුරටත් කබලෙන් ලිපට වැටෙන තත්වයක් ඇතිවෙලා.



අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා,..


IMF  ගිවිසුම මගින් රට තිබූ අනතුරුදායක තත්වයෙන් තවත් බැරෑරුම් අනතුරකට ගමන් කරන බව පැහැදිලියි.2024 අයවැය විවාදය අවසානයේ මහ බැංකුවේ සිටින IMF නියෝජිතයා එය අනුමත කළ යුතු තත්වයට පත්වෙලා.රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ දිනපතා, සතිපතා, කාර්තු වශයෙන් සහ වාර්ෂිකව IMF සංවිධානය යාවත්කාලීන කළයුතු බවට යෝජනාවේ සදහන්.IMF ගිවිසුම ප්‍රකාරව විකිණීමට නියමිත රාජ්‍ය ආයතන 52 ගැන තවම තොරතුරු රටට හෙළි කරන්නේ නැහැ.
IMF ඉතිහාසයේ මෙතරම් දණගස්වා සැකසූ ගිවිසුමක් ගැන දැනගන්නට නැහැ.
අදින් පසු ඉදිරියට මේ රටේ දේශපාලනය ගමන් ගන්නා දිශානතිය පිළිබඳව අපි රටට පැහැදිලි කරනවා.

Latest