පසුගිය කාලය පුරාවට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා සිටි පාකිස්තානය සඳහා ද අමෙරිකානු ඩොලර් බිලියන 03 ක ණය ආධාරයක් අනුමත කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය අනාවරනය කොට සිටියි..
පකිස්තානයට මෙම ණය ආධාරය හිමිවන්නේ මාස 08 කට පසුව වන අතර 2019 වසරේ එකඟවූ පරිදි ඩොලර් බිලියන 6.5 ක ණය පැකේජයකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි අනුමැතිය හිමිවිය.
කෙසේ වෙතත් එහි කාලය අවසන්වීමට නියමිත අතර එම මුදලෙන් ඉතිරිවී ඇති ඩොලර් බිලියන 2.5 ක මුදල නිදහස් කරනු ඇති බවට පාකිස්තානය දැඩි විශ්වාශයකින් පසුවිය.
පසුගිය මාස කිහිපය තුලදී ඉම්රාන්ඛාන් අත්අඩංගුවට පත්වීම සහ පැවති නොසන්සුන් වාතාවරනයත් සමග පකිස්තානය ඉතිහාසයේ පළමු වතාවට බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ පෑඹට සිදුවිය.

මේ හේතුව නිසාම වෙද්ස් රටවලින් පකිස්තානයට සංචාරය කිරීම පවා තහනම් කිරීමට පියවර ගෙන තිබූ අතර මේ හේතුව නිසාම අයි.එම්.එෆ් ණය ලබාදීම දැඩි අස්ථාවර තත්වයක පැවතීම මත පිස්තානය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පෑමට සිදු විය.
එය 1947 වසරේදී නිදහස ලැබීමෙන් පසු පාකිස්තානය මුහුණ දුන් දරුණුතම මුල්‍ය අර්බුදය වූ අතර ඉකුත් මැයි මාසය යනු පාකිස්තානයේ මෙතෙක් වාර්තාවූ ඉහළම උද්ධමනය සහිත මාසයයි. එහි අගය 38% ක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමේ අරමුණින් පාකිස්තානය ඉකුත් සඳුදා සිය බැංකු පොළී අනුපාතය සියයට 22 ක් දක්වා ඉහළ නංවනු ලැබීය.