Skip to content
MoviesTech

Oppenheimer සිනමා පටයේ IMAX තාක්‍ෂණය​.

Oppenheimer කියන්නේ මේ වන විට සිනමා රසිකයන් අමන්දානන්දයට පත් කරල තිබෙන චිත්‍රපටයක් කීවොතින් නිවැරදියි. සිනමාපටය පිළිබඳ හැදින්වීමක්, ඊට අමතරව ජුලියස් රොබර්ට් ඔපන්හයිමර් කියන්නේ කවුද​, සැබවින්ම ඔහු සෝවියට් ඒජන්තවරයෙක් ද වැනි කරුණු ගණනාවක් අපගේ වෙබ් අඩවියේ ලිපි කිහිපයකින්ම කතාබහට ලක් වුණා. සිනමාපටය නැරඹුවායින් පස්සේ යම් යම් තාක්‍ෂණික කාරණා ටිකක් ගැන වගේම Documentaryයක් ගැනත් ඔයාලගෙ අවධානයට ලක් කරන එක සුදුසුයි කියල හිතුණ​. එහෙනම් අපි යමු කතාවට​..

මොකක්ද මේ 70mm IMAX Format එක​? ඒක නම් මටත් ප්‍රහේළිකාවක් මොකද, ඒ තාක්‍ෂණයෙන් මේ සිනමා පටය අත්විඳගන්න ලංකාවේ ඉන්න අපට හැකි වෙන්නේ නැහැ. 2D විදිහට තමයි අපේ රටේ සිනමා ශාලා වල Oppenheimer තිරගත වෙන්නේ. ක්‍රිස්ටෝපර් නෝලන්ගේ වචනයෙන් කියනවා නම් 70mm IMAX Format එක කියන්නේ මෙතෙක් නිර්මාණය කර ඇති ඉහළම සහ ගුණාත්මකම රූප රාමු ආකෘතිය. ඔයා හිතන්නේ මේ ෆිල්ම් රෝල් එක දිග හැරියම කොපමණ දුරක් වගේ වෙයි කියලද​? ඒ දුර හැතැප්ම 11ක්. බර කොපමණ වෙයි ද​? බර පවුන්ඩ් 600 වනවා කියලයි සඳහන් වෙන්නේ. මේකෙම​ 70mm format එකත් තිබෙනවා. එහි දුර සහ බර යන​ ප්‍රශ්ණ දෙකට පිළිතුරු ගන්න මම ෂෝට් ක්ලිප් එකක් පහතින් අමුණන්නම්.

ලෝකයෙම 70mm IMAX තාක්‍ෂණයෙන් මේ සිනමා පටය නරඹන්න පුලුවන්කම තිබෙන්නේ සිනමා ශාලා 30ක වගේ ප්‍රමාණයක පමණයි කියල තමයි සඳහන් වෙන්නේ. එයිනුත් වැඩිම තිරගත වීම් ප්‍රමාණයක් මේ තාක්‍ෂණයෙන් සිදුවෙන සිනමාශාලා තිබෙනවා කියන්නේ ඇමරිකාවේ සහ කැනඩාවේ පමණයි.

Experience Oppenheimer in IMAX 70mm Film at Select Locations for a Limited Time
“IMAX film brings images to life. From resolution and color to sharpness and overall quality, there is nothing compared to using IMAX film cameras. The IMAX film format is the Gold Standard of motion picture photography.” -Christopher Nolan

තවත් බොහොම පොඩි කාරණාවක් මතක් කරගෙන යන්නම්. සමහරුන්ට ඔපෙන්හයිමර් සිනමාපටය බෝරින් උණා කියන විදිහෙ අදහසකුත් සමාජ මාධ්‍ය තුල සැරිසරනකොට දකින්න ලැබුණ​. චිත්‍රපටය ආරම්භයේ ඉඳන්ම ක්‍රියාන්විත ජවනිකා බලන්න හිතාගෙන ආවනම් තමයි ඔයාලට එහෙම වෙන්න පුලුවන්. මතක තබාගන්න ඔපෙන්හයිමර් චිත්‍රපටය කියන්නේ බයෝග්‍රැෆි එකක්. සිනමාපටය නරඹන්න කලියෙන් මම මේ පහතින් අමුණන Documentary එක බලල යන්න​. ඔයාලට මූලික අදහසක් ගන්න පුලුවනි කතාව ගැන​.

To End All War: Oppenheimer & the Atomic Bomb (2023) ⭐ 7.5 | Documentary
1h 27m

සෑම මිනිසෙක් තුළම බොහොම සංවේදී පැතිකඩක් තිබෙනවා කියන එකත් අමතක කරන්න එපා. ඒ කාරණාව මතු කරන්න සිනමාපටය ඇතුලේ ලොකු මහන්සියක් වෙලා තිබෙනවා කියන එකනම් කියන්නම ඕන​. විශේෂයෙන්ම​ Cillian Murphy ගේ චිත්‍රපටය පුරාවටම දිවෙන ඉම්ප්‍රෙෂන්ස්. මේ ලිපිය කියවන විදේශගතව ඉන්න අපගේ getpeakonline පාඨක සහෘදයන්ට මම ආරාධනා කරන්න කැමතියි 70mm IMAX තාක්‍ෂණයෙන් Oppenheimer නැරඹුවා නම් ඒ අත්දැකීම මොන වගේද කියලා අපත් සමග බෙදාහදා ගන්නා ලෙසටත්. එහෙනම් නැවත ලිපියකින් හමුවෙමු. ඔබට සුභ දවසක්!

Latest