ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කදයිකාඩු, නගර්කෝවිල් සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 ජුලි මස 16 සහ 17 යන දිනයන්හි සිදු කල විශේෂ සේදිසි මෙහෙයුම් මඟින් රාත්‍රී කාලයේ වලංගු බලපත්‍ර නොමැතිව කිමිදුම් කටයුතු සිදු කල සහ තහනම් දැල් හා නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහසය දෙනෙකු (16) සහ ඩිංගි යාත්‍රා හතරක් (04), කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න සමඟ නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීමට අයත් වෙත්තලකේනී, මාමුනෙයි සහ චුන්ඩිකුලම් නාවික අනුඛණ්ඩයන් මඟින් කදයිකාඩු, නගර්කෝවිල් සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රාත්‍රී කාලයේ වලංගු බලපත්‍ර නොමැතිව කිමිදුම් කටයුතු සිදු කල සහ තහනම් දැල් හා නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දහසය දෙනෙකු (16) සහ ඩිංගි යාත්‍රා හතරක් (04) සමඟ කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 16 ත් 58 ත් අතර වයසේ පසුවන චීන වරාය, ත්‍රිකුණාමලය, නගර්කෝවිල්, වව්නියාව, පුදුකුඩුඉරිප්පු, මුලතිව්, මන්නාරම සහ පුදුමාතලන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් දහසය දෙනා (16), ඩිංගි යාත්‍රා හතර (04) සහ කිමිදුම් උපකරණ හා නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
