Skip to content

නිවෙස් වලින් මතුවුණු නීති විරෝධී ගිනි අවි

මෙරට නිෂ්පාදනය කල නීති විරෝධී ගිනි අවි 3ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (18) සවස අත් අඩංගුවට ගත් බව පස්සර පොලීසිය පැවසීය.

පස්සර කොටමුදුන ප්‍රදේශයේ නිවෙස් දෙකක ඉතා සූක්ෂමව සගවා තිබියදී මෙම ගිනි අවි සොයා ගැනීමට පැල්ගහතැන්න විශේෂ කාර්ය බළකායේ නිළධාරීන්ට හැකිව තිබේ.

පස්සර පැල්ගහතැන්න විශේෂ කාර්ය බළකායේ නිළදාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙහිදී බෙහෙත් කොටන ගිනි අවි දෙකක් සහ බෝර දමන එක් ගිනි අවියක් සමගින් අමුණුමුල්ල, කොටමුදුන, පස්සර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 සහ 38 වයසේ පසුවන පුද්ගලයින් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් පුද්ගලයින් සහ ගිනි අවි පස්සර පොලීසියට භාරදී ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest