Skip to content

මෙහෙම ගියොත් අලිසම්පතත් අහිමි වෙයි.

ලංකාව තුල 2023 වසරේ ජනවාරි 01 වනදා සිට ජුනි 22 වනදා දක්වා කාලය තුලදී විවිධ වූ හේතුන් මත සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින් 152 දෙනෙකු මිය ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මිය ගිය වන අලින්ගෙන් 67 දෙනෙකුම මිය ගොස් ඇත්තේ වෙඩිතැබීම්, විදුලිසැර වැද්දීම් ආදි සෘජු මිනිස් ක්‍රියාකාරකම් මත වන අතරතුර තවත් වනඅලින් 06 දෙනෙකු මිය ගොස් ඇත්තේ හක්කපටස් බෝම්බවලට ගොදුරු වීමෙන් බවටද එම වාර්ථා මගින් පවසයි.

මේ වන විට සිදුකර ඇති වනඅලි සංගනනයකට අනුව ලංකාවේ වන අලින් 7,000 ක් පමණ සිටින බවට වාර්ථා වුවද එම ප්‍රමාණය එතරම් නැති බවටද සැකයක් පවතින බවට වනජීවි නිලධාරීන් පවසා සිටිති.

එමෙන්ම ගෙවී ගිය 2022 වසර තුලදීද විවිධ හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වනඅලින් 433 දෙනෙක් මිය ගොස් ඇති අතර වන අලින්ට හානිකරන පුද්ගලයින් වෙනුවෙන් පවතින නීතිරීතීන් බලාත්මක කිරීමේදී එය ඉතාම දුරවල මට්ටමක පවතින බවටද පරිසර වේදීන් පෙන්වා දෙයි.

මේ අතර අලි මිනිස් ගැටුම් පාලනය කිරීඹ සඳහාද 2019 සහ 2020 වසර අතර කාලය තුලදී පමණක් රුපියල් මිලියන 490 ක් වැයකරමින් කිලෝමීටර් 475 ක දුරක් අලිවැටවල් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතරම ඉදිකරන ලද අලි වැටවල් විධිමත්ව නඩත්තු නොකිරීම මගින් බොහෝ ප්‍රමාණයක් අලිවැටවල් විනාශ වෙමින් පවතින අතරම අලිවැට මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් නොවන බවටද පරිසර වේදීන් වැඩිදුරටත් පවසයි.

Latest