ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා පොදු එකඟතාවෙන් ඉදිරිපත්වීමට නියමිත අතර ඒ සඳහා විපක්ෂයේ සිටින ඇතැමුන් ඇතුළු බොහෝ පිරිස් කැමැත්ත පළකර තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.
මේ මොහොතේ අවශ්‍ය පක්ෂ දේශපාලනයක් නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
රට ගොඩගැනීමට වසරක් ඇතුළත විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට හැකියාව ලැබුණු බවත් මාස විසි දෙකකට පසු තනි අංකයකට උද්ධමනය රැගෙන විත් තිබෙන බව හෙතෙම පවසයි.
''තෙල් ටික, බෙහෙත් ටික දෙන්න පුලුවන් වෙලා තියෙනවා. පෝලිම් ටික නැති කරලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යන්න, ඉදිරියට ගිහින් පොළී අනුපාත අඩු කරලා ඉදිරියට යන්න පුලුවන් වෙලා තියෙනවා. මිනිස්සු ඉල්ලපු වෙනස කරලා හරි විදියට රට ගෙන යන්න හැමෝගෙම ඒකමිතිය තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. පාට පක්ෂ භේද පැත්තකට දාලා සියලු දෙනාමට එකට එකතු වෙන්න කියලා තියෙන්නේ. ලබන අවුරුද්ද මැතිවරණ වර්ෂයක් බවට පත්වේවි. ජනාධිපතිවරණයෙන් පටන් අරගෙන මැතිවරණ තියාවි. රටේ දැනුම් තේරුම් ඇති අය, රටේ ආර්ථිකය ගැන දැනුමක් තියෙන අය අවශ්‍ය කරන තීන්දු තීරණ ගනීවි.''
විදුලිය,ජලය,ඉන්ධන පාඩු පිට ලබාදී ආයතන පාඩු ජනතා මුදලින් ගෙවීම් නොකරන බවත් නිවරදි මිලට ඒවා ලබාදී දුප්පත් ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියාසිටියි.
''අගෝස්තු මාසයේ සිට අස්වැසුම ගෙවීම් කටයුතු ආරම්භ කරනවා. අභියාචනා ඉදිරිපත් කරලා තියෙන අයටත් ගෙවීම් කටයුතු සිදුකරනවා. ජනතාවට අපහසුතා සිදුවන, දුප්පත් ජනතාව රැක බලාගැනීමේ වැඩපිළිවෙල ආණ්ඩුවට තියෙනවා. විදුලියෙන්, ජලයෙන්, ඉන්ධනවලින් සල්ලි තියෙන අයටත් සහන ලබාදෙන කාලය ඉවරයි. සහන අවශ්‍ය අය රැක බලා ගැනීම තමයි ආණ්ඩුවේ වැඩපිළිවෙල වෙන්නේ.ආනන්ද සමරකෝන් මහතා ලියපු ජාතික ගීයේ වචනයක් වෙනස් අකුරක් වෙනස් වුනාම හැමෝම කෑ ගහනවා. ඒත් ජාතියක් විනාශ කරපු එක ගැන මේ තරම් කතා කළේ නෑ. රටේ ආර්ථිකය විනාශ වීම් ගැන, මිනිසුන්ගේ බුද්ධිය නැති කරලා, මිනිස්සු මොට මිනිසුන් කිරීම ගැන, රාජ්‍ය දේපල විනාශ වීම් ගැනත් මෙහෙම හිතුවා නම් රටක් විදියට ඉදිරියට යන්න තිබුණා.''
එමෙන්ම ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට හැර ජාත්‍යන්තර සහාය මේ තරම් ලැබෙන අවස්ථාවක් දැකලා නොමැති බවයි ඔහු පවසන්නේ.
''ප්‍රංශ ජනාධිපතිවරයෙක් පළමු වතාවට ලංකාවට එන්නේ. ඉන්දියාවේ අගමැතිවරයා හමුවෙලා ආවේ. ජපානයත් අපිට විශේෂ සහායක් ලබාදෙනවා. චීනයත් එකට එකතුවෙලා ලංකාවට සහාය දෙන්න කියලා ලෝකයේ අනෙක් රටවල් කියනවා. නිවැරදි විදියට, පාරදෘශ්‍ය විදියට මේ වැඩ කටයුතු සිදුවෙනවා, මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු වෙනවා කියලා ලෝකයම දැන් දන්නවා. අපිට තිබුණේ රටට ඩොලර් ගෙන්වා ගැනීමේ ඕනෑ කමක්. ඒත් ඩොලර්වලට නෑකම් කියන අය තවමත් හංදි හංදි ගානේ විරෝධතා පවත්වමින් යනවා. ඒ අය කියන කියන විදියට ලෝකය විශ්වාස කරනවා නම් අපේ රටට මේ සහාය ලැබෙන්නේ නෑ. ලංකාවට මේ ලැබෙන සහයෝගය මින් පෙර කවදාවත් ජාත්‍යන්තර වශයෙන් ලැබිලා නෑ.'' යනුවෙන් නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.