අයිස්ලන්තය ගිනියම් කරමින් වසර දෙකක කාලයක් තුලදී තුන්වන වතාවටත් අයිස්ලන්තයේ Litli-Hrútur ගිනිකත්ද පුපුරා යාමෙන් මේ වන විටත් කිලෝම්මීටරයකට ආසන්න දුර ප්‍රමානයකට ලාවා ගලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

මේ හේතුවෙන් අයිස්ලන්තයේ රෙක්ජාවික් අගනුවර කිලෝමීටර් 30 ක් අවට සිටින ජනතාවට අවධනයෙන් සිටින ලෙසටද ඒරට ආපදා සහන නිලධාරීන් විසින් දැනුම් දී ඇත.
මේ අතර ගිනිකන්ද පුපුරා යාමෙන් පසුව සංචාරකයින් බොහෝ පිරිසක් ඒය නැරඹීමට පැමිණෙමින් සිටීම හේතුවෙන් බලදාරීන් විසින් ගිනිකන්ද නැරඹීමට පැමිණෙන ජනතාවටද අණතුරු අගවා ඇත්තේ ගිනිකන්ද සක්‍රීය තත්වයේ පැවතීම හේතුවෙනි.
විශේෂයෙන්ම ගිනිකන්ද වසර දෙකක් තුලදී තුන්වන වතාවටත් සක්‍රීය වීම හේතුවෙන් පෙර පැවිත වතාවන්ට වඩා මෙවර සක්‍රීය මෙන්ම අවධානම් බවටද ඒරට බලදාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ලාවා ගැලීමෙන් මේ වනතුරූත් හානි පිළිබදව වාර්තා වී නොමැති අතරම අපදා සහන කණ්ඩායම් කිහිපයක්ම හදීසි අවස්ථාවකදී දැනුවත් කිරීම සදහා යොදවා ඇතැයිද විදේස මාධ්‍ය වැඩිදුරටත් පැවසීය.


