Skip to content

ලෝක ටෙසට් ශූරතා සටන ඇරඹුන වගයි

පසුගිය 2021 වසරේ ටෙස්ට් ශූරතාවේ අනුශූරයින් වූ ඉන්දියාව මෙවර ටෙසට් ශූරතාව කෙසේ හෝ හිමිකරගැනීමට මානම් බලද්දි පලමුවරට ලෝක ටෙසට් ශූරතාවට සුදුකම් ලැබූ කැන්ගරුවන්ද පළමු අවස්ථාවෙන්ම උපරිම ප්‍රෙයා්ජනය ගනිමින් කෙසේ හෝ ශූරතාවය හිමිකරගැනීමට දැවන්ත සටනකට පිවිස හමාරය..

ඉන්දීය නායක රෝහිත් ෂර්මා (වමේ) ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් (දකුණෙ)

ලෝක ශූරතා ටෙස්ට් අවසන් මහා තරඟය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවත්වෙන අතර එය 07 වනදා සිට ලබන 11 වනදා දක්වාපැවත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

අවසන් මහා තරඟය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනය

මෙවර ටෙස්ට් ලෝක කුසලානය පැවත්වෙන්නේ දෙවන වතාවට වන අතර එහි පළමුවන ජයග්‍රාහකයින් වූවේ නවසීලන්ත කණ්ඩායම වූ අතර අනුශූරයින් වූවේ ඉන්දීය කණ්ඩායමය.

ලෝක කුසලානය ජයග්‍රහනය කරනු ලබන කණ්ඩායමට අයි.සී.සී. ටෙස්ට් ශූරතා සේංකෝලය මෙන්ම දැවන්ත මුදල් ප්‍රධානයක්ද හිමිවෙයි.

ටෙසට් ලෝක කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සංචිතය වශයෙන්

ඕස්ට්‍රේලියාව: පැට් කමින්ස් (නායක), ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, කැමරන් ග්‍රීන්, මාකස් හැරිස්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් ඛවාජා, මාර්නස් ලැබුස්චේන්, නේතන් ලයන්, ටොඩ් මර්ෆි, මයිකල් නෙසර්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, ඩේවිඩ් වෝනර්.

ටෙසට් ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියානු සංචිතය වශයෙන්

රෝහිත් ෂර්මා (නායක), රවිචන්ද්‍රන් අශ්වින්, කේඑස් භාරත්, ශුබ්මන් ගිල්, රවීන්ද්‍ර ජඩේජා, විරාත් කෝලි, ඉෂාන් කිෂාන්, චෙටේෂ්වර් පුජාරා, අක්සාර් පටෙල්, අජින්ක්‍යා රහනේ, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ්, ෂර්දුල් තාකූර්, ජයදේව් උනදක්ට්, උමේෂ් යද්ව්.

එමෙන්ම 2023 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයේ ජයග්‍රාහකයින්ට US ඩොලර් මිලියන 1.6ක මුදලක් ලැබෙනු ඇති අතැ

අනුශූරයන්ට US ඩොලර්  800,000 ත්‍යාග මුදල ලැබේ.

පසුගිය වර ශූරයින් වූ නවසීලන්තයේ රෝස් ටේලර් විසින් අයි.සී.සී. ටෙස්ට් ශූරතා සේංකෝලය තැන්පත් කිරීම

2021-23 වසර දෙකක කාලය තුලදී  ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට සහභාගී වූ කණ්ඩායම් නවය වෙතට ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක සම්පූර්ණ මුදලක් බෙදී ගොස් ඇත.

ලොව පුරා ක්‍රිකට් උන්මාදයෙන් සිටින දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් ඉදිරි දින 5 ක කාලය තුල දෑස් නොදල්වා බලා සිටිනුයේ ලෝක ටෙස්ට් ශූරතා කුසලානය ඉන්දියාවට ඕස්‍රට්‍රේලියාවටද යන්න පිළිබඳවය.

Latest