Skip to content

දෙපා පන නැති වුනාට දෑතයි හිතයි ශක්තිමත් දෙස් විදෙස් වලින් පරිසරයට හානි දේ ගේන කොට මම පරිසර හිතකාමී දේ හදනව ඒකයි වෙනස...

අපි අපේ දේවල් අමතක කරල පිටරටින් ගේන ඕනදේත් එපා දේත් ගෙවදරට ගේනව ප්ලාස්ටික් පොලිතීන් වලින් පරිසරයට වන හානිය ඉදිරියේදි දකින්න ලැබේවි    මෙහෙම කිව්වේ කෑගල්ලේ මාබෝපිටියේ දේවාලහංදියේ ඉන්න අනතුරක් නිසා දෙපයින් ඇවිදින්න බැරි වුනත් දෑතත් හිතත් ශක්තිමත් දිරිය මිනිසකු වු සිසිර චමින්ද කුමාරයි.  

පොල් කටු නිර්මාණ සඳහා

                                             වඩු ශිලපය ඉගනගත් චමින්ද නිවසේම ඉඳගෙන වඩුවැඩ කලා ඔහු අල්මාරි කබඩ් පුටු කට්ටල වගේම පැන්ට්‍රි කබඩ් එහෙමත් හැදුව  නිවසේ වත්තේ කරාඹු ගස්වල ඵලදාව කඩන්න ගහට නැගුන චමින්දව ගහෙන් වැටුණෙ කොඳු ඇටේට හානි වෙලා රෝහලේ මාස තුනකට වැඩි කාලයක් ප්‍රතිලාර ලබා පසුව දේශීය වෙදකමත් කලත් චමින්දට පෙර පරිදි තනියෙන් ඇවිදගෙන යන්න පුළුවන් වුනේ නෑ      චමින්ද අධෛරයමත් වුනේ නෑ තමන්ගාව තිබුන වඩු යන්ත්‍ර කිහිපය භාවිතා කරමින් පොල් කටු හැඳි හදන්න පටන් ගත්ත    

   

චමින්ද මේ වනවිට විදේශ ඉල්ලුම් වලට අවශ්‍ය පොල් ,කිතුල් ලීයෙන්  පොලි කට්ටෙන් වෙනත් දැව වලින් හැඳි ගෑරප්පු පිරිසි කෝප්ප වැනි විවිධ නිපදවනව                                            ඔහුගේ නිෂ්පාදනවලට හොඳ නිමාවක් වගේම හොඳ වෙළඳ පලකුත් ඇතිවෙමින් තියෙනව            ඔහුට වාරුවක් නැතිව ඇවිදින්න බෑ ඔහුගෙන් මේ කර්මාන්ත ඉගන ගත්ත අය තනිය වැඩ කරන්න ගිහින් නිපදවන භාණ්ඩවල ගුනාත්මක භාවය නොමැති වීම  නිසා අතරමග නැවතිලා    

                ඔහු අප සමුගන්න මොහොතේ මෙහෙම ඉල්ලීමක් කලා මේ වැඩේ කරන්න මහා යන්ත්‍ර සුත්‍ර ඕනේ නෑ පුංච් දේවල් කිහිපයක් වගේම ඉවසීම කැපවීම තියෙන්න ඕනේ හරියය හදනව නම් වෙළඳ පල ඕනේ තරම් තියෙනව ලෝකෙම කෘතිම දේවල් වලින් ඉවත් වෙලා දේශීය පරිසර හිතකාමි දේවල් හොයාගෙන එනව අපේ අයටත් ටික දවසක් යනකොට තේරේවි අපේ දේවල්වල වටිනාකම යැයි පැවසීය

Latest