Skip to content

හර්තාලයට සහය දක්වා කඩ වහන්නැයි දේශපාලඥයින් පත්‍රිකා බෙදද්දි තවත් පිරිසක් මන්ත්‍රීන්ට බැන කඩ අරින්න කියති.

උතුරේ ක්‍රියාත්මක හර්තාලයට සහය දක්වා වව්නියාවේ වෙළඳසැල් අද (25) දින වසාදමන්නැයි දේශපාලන නියෝජිතයින් පිරිසක් අත්පත්‍රිකා බෙදීමෙන් පසුව තවත් පිරිසක් හර්තාලයට සහය නොදක්වා වෙළඳසැල් අද දින විවෘත්තව තබන ලෙසට පත්‍රිකා තොගයක් තවත් පිරිසක් විසින් බෙදා ඇත.

ඊයේ (24) දින උතුරේ ක්‍රියාත්ම දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් යුත් පිරිසක් විසින් වව්නියාවේ වෙළඳැසල් වෙතට ගොස් අද දින හර්තාලය සඳහා සහය දක්වා වෙළඳසැල් වසාදමන ලෙසට ඉල්ලා අත්පත්‍රිකා බෙදා දීම සිදුවිය.

අනතුරුව තවත් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ හර්තාලයට සහය නොදක්වා වෙළඳසැල් විවෘතව තබන ලෙසට ඉල්ලා පෝස්ටරයක නිවේදනයක් මගින් උතුරේ දේශපාලඥයින් දැඩි ලෙස විවේචනය කොට ඇත.

එම පෝස්ටර මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 25 දින වෙළඳසැල් අරිනව වහනවද තීරණය ඔබේ යනුවෙනි.

එමෙන්ම රට දැඩි ලෙසින් ආර්ථිකව කඩාවැටී ඇති අවස්ථාවක ඔබ ඔබේ වෙළඳසැලත් වසාදමා තවත් කඩාවැටෙන්නේද, දෙශපාලඥයින් සැමදා සාමාන්‍ය ජනතාව රවටමින් ඔවුන්ගේ බලය වැඩකගෙන සැප වින්ඳා හැරෙන්නට සාමාන්‍ය ජනතාවට සිදුවූ සෙතක් නොමැත්තේය, එමෙන්ම මුලතිව් මුල්ලි වයික්කාල්හි දහස් සංඛ්‍යාත ජනතාව යුද්දය නිසා දහදුක් විඳි කාලයේ මේ සියලු දේශපාලඥයින් රටෙනුත් පිටවී වෙනත් රටවල සිට සුර සැප වින්ඳෙය, කාලයෙන් කාලයට පවතින රජයත් සමග මේ දේශපාලඥයින් ගනුදෙනු කර සැප විඳින්නේය, එලෙසින් මේ දේශපාලඥයින්ගේ බලය වෙනුවෙන් කෑදර ක්‍රියාවන් සඳහා සහය නොදී මොහොතක් සිතන්න යනුවෙන් අදාල පෝස්ටරවල සඳහන් කොට වව්නියාවේ බොහෝ වෙළඳසැල් ඉදිරිපිට දමා ගොස් තිබුණි.

කෙසේ වෙතත් අද දින උතුරු පලාතේ සෙසු දිස්ත්‍රීක්කයන්ට සමගාමීව වව්නියාව දිස්ත්‍රීක්කයේ වෙළඳැසල් සැලකිය යුතු ප්‍රමාණයක් විවෘත්තව තිබෙනු දැකගත හැකිවිය.

Latest