Skip to content

"හරිත පුස්ථකාලයක්" වූ බස් මගී ආවරණය...!

යාචකයින්ගේ නවැත්ම්පලක් බවට පත්ව තිබූ බස් මගී ආවරණයක් "හරිත පුස්ථකාලයක්" බවට පත් කිරීමට බදුල්ලේ යෞවන සමාජ සමාජිකයින් පිරිසක් කටයුතු කර ඇත.

බදුල්ල ශීක්ෂණ රෝහල ඉදිරිපිට ඇති බස් මගී ආවරණය කාලයක සිට අතහැර දමා තිබූ එකකි.මේ නිසාම එම ස්ථානය යාචකයින්ගේ නවාතැම් පලක් බවට පත්ව තිබී ඇත.

2023 වසරේ ජාතික තරුණ දිනයට සමගාමීව බදුල්ල යෞවන සමාජ බල මණ්ඩලයේ සාමාජිකයින් විසින් එම බස් මගී ආවරණය පිරිසිදු කර තීන්ත ආලේප කර පුස්ථකාලයක් බවට පත් කරන්නට කටයුතු කර ඇත. පුස්ථකාලයට අවශ්‍ය පොත් පත් ප්‍රදේශයේ සුභ පතන්නන්ගෙන් රැස් කර ගන්නටද යෞවන සමාජ සාමාජිකයින් කටයුතු කර ඇත.

එම හරිත පුස්ථකාලය ජනතා අයිතියට පත් කරණු ලැබූවේ ආගමික නයකයින්ගේ ආශීර්වාදය මැද ප්‍රදේශයේ ප්‍රභූවරුන් ප්‍රධානත්වයෙනි.

බදුල්ල ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ දුක සැප සොයා බලන්නට එන ඥාතීන්ට වේලාව ඉතිරි කරන ගන්නට මෙම හරිත පුස්තකාලය මහත් තෝතැන්නක් බවට පත්ව ඇත.

Latest