Skip to content

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ටත් රජයෙන් නිවාස ව්‍යාපෘති

විදේශ ගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතාවය සම්බන්ධයෙන් වහා සමීක්ෂණයක් සිදුකොට ඔවුන් සදහා නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය තීරණය කොට තිබේ.
අදාල සමීකශණය ලබන සඳුදා (22) දින ආරම්භකොට  සති දෙකක් ඇතුලත ඒ පිළිබදව සම්පූර්ණ වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙස අමාත්‍ය මනූෂ නානායක්කර මහතා විසින් අමාත්‍යංශ නිළැදාරීන්ට නියෝග කර ඇත.

දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර  සිටින සංවර්ධන නිලධාරීන් හා තානාපති කාර්යාල හරහා මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හරහාද මෙම සමීක්ෂණය පැවැත්වීමට නියමිතය.

අදාල සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත විස්ලේශනය කිරීමෙන් පසුව ඉදිකරනු ලබන නිවාස වර්ග, නිවාස සංඛ්‍යාව හා නිවාස ඉදිකරනු ලබන ප්‍රදේශ හදුනාගැනීමට සැළසුම් කොට තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කෙරේ.  

විදේශ ගත ශ්‍රමිකයින් ඇතුළු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවය අනුව නාගරික තට්ටු නිවාස සංකීර්ණ ලෙස හා ග්‍රාමීය තනි නිවාස සංකීර්ණ ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මීට අමතරව යම් අයෙකුට තමන්ගේ ඉඩමක නිවසක් ඉදිකිරීමට අවශ්‍ය නම් ඒ සදහාද මේ යටතේ අවස්තාව හිමිකර දීමට නියමිතය.

Latest