කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් ගනනාවක අක්‍රීය CT ස්කෑන් යන්ත්‍ර 14 හා කිරණ යන්ත්‍ර කිහිපයක් අළුත් වැඩියා කිරීම සඳහා රුපියල් බිලියන 10 මුදලක් රජයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දුන්බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
පසුගියදා ජනාධිපති ලේකම් සමග උසස් නිලධාරින් කිහිපදෙනෙකු කල සාකච්ජාවෙන් පසු මෙම මුදල ලැබුන බැවින් ජුලි 10 වනදා සිට අළුත්වැඩියා කටයුතු ආරම්භ කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. පසුගිය කාලයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මුල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට නොහැකි වීම නිසා අළුත්වැඩියා කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි වී ඇත. මෙම තත්වය යටතේ රටපුරා රෝහල්වල CT ස්කෑන් යන්ත්‍ර 14 ඇතුළු වීකීරණ යන්ත්‍ර රැසක් අක්‍රීයවි අළුත් වැඩියා කළයුතු තත්වයේ පවතින බව රජයේ විකීරණ විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති චානුක ධර්මකීර්ති මහතා පෙන්වා දෙයි.