විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර සේවාවන්ට බාධා ඇතිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා. ප්‍රධාන රෝහල්වල පවා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවයි ඒ මහතා සදහන් කළේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ ජූලි 30 වැනිදා වනවිට විශේෂඥ වෛද්‍යවරු 30ක් පමණ විශ්‍රාම ලබන බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියම් ලෙස දැනට විශ්‍රාම ගොස් සිටින විශේෂඥ වෛද්‍යවරු නැවත සේවයට යොදා ගත හැකි ද යන්න සොයා බලන බවයි.
විශේෂඥ්‍ය වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.