Skip to content

හොලිවුඩ්, බොලිවුඩ් වීරයින්ගේ Xtreme City කරලියට.

බොලිවුඞ් සුපිරි තරුව ෂාරුක් ඛාන් සහ හොලිවුඞ් සුපිරි තරුව ලියනාඩෝ ඩිකැප්‍රියෝ සම්බන්ධ කර ගනිමින්, චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තමන් ඉදිරියේදී උත්සහ දරන බවට  හොලිවුඞ් සිනමාකරු මාර්ටින් සාර්කෝසේසි (Martin Scorsese) පවසා තිබේ..

සාර්කෝසේසි, ෂාරුක් ඛාන් සහ ලියනාඩෝ ඩිකැප්‍රියෝ සම්බන්ධ කර ගනිමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උත්සාහ ගන්නේ වසර කීපයක සිටය. ඒ සඳහා ඔවුන් එකිනෙකා හමු වී ඒ පිළිබඳව දීර්ගව සාකච්ඡා කොට ඇති  නමුත් විවිධ හේතූන් නිසාවෙන්  එම උත්සාහය මෙතෙක් සාර්ථක නොවුණු බව සාර්කෝසේසි පැහැදිලි කර ඇත..

කෙසේ වෙතත් සාර්කෝසේසිගේ මේ සුපිරි  චිත්‍රපටය නම් කර ඇත්තේ Xtreme City යනුවෙන් වන අතර ඒ සඳහා මේ වන විටත් අවධානය යොමු වී ඇතයි වාර්ථා වෙයි.

යම් හෙයකින් මෙම  Xtreme City චිත්‍රපටය නිර්මාණය කෙරෙන්නේනම්, එහි පොලිස් නිලධාරියා නොහොත් වීරයාගේ චරිතය ඩිකැප්‍රියෝ විසින් ද මැර කල්ලි නායකයාගේ චරිතය ෂාරුක් ඛාන් විසින් ද රඟ දක්වනු ඇතැයි සාර්කෝසේසි පවසා තිබේ.

Latest