Skip to content

හිතවතුන්ට දුන් කඩකාමර වලින් කුරුණෑගල මහ නගර සභාවට ලක්ශ 1600ක පාඩුවක්..

කුරුණෑගල මහ නගර සභාව

කුරුණෑගල මහ නගර සභාව මගින් පාලනය කෙරෙන "මාලිගාපිටිය වෙළඳ සංකීර්ණයේ" කඩ කාමර හිතවතුන්ට බදු දීම මගින් පමණක් මහ නගර සභාවට රුපියල් ලක්ශ එක්දහස් හයසියයක (160,000,000/=) මුදලක් අහිමිවී ගොස් ඇතැයි විගණන වාර්තාවක් මගින් හෙලිදරව් වී තිබේ.

ජාතික විගණන කාර්යාලය මගින් KRG/E/KMC/22/77(01) අංකය යටතේ නිකුත් කළ මෙම විගණන වාර්තාවට අනුව කුරුණෑගල මහ නගර සභාව විසින් විධිමත් තක්සේරුවකින් තොරව සිය හිතවතුන්ට එම වෙළඳ සංකීර්ණයේ කඩ කාමර ලබා දීමෙන් මහ නගර සභා අරමුදලට මෙම පාඩුව සිදු කර ඇති බවද වාර්තාවේ.

බදු දී ඇති කඩ කාමර

මහ නගර සභාවකඩකාමර 10 කින් සමන්විත මෙම නව වෙළඳ සංකීර්ණයෙහි  කඩ කාමර ප්‍රමාණ දෙකකින් සමන්විත වන අතර ඒවා එකක් වර්ග අඩි 800 ක් හා අනෙක වර්ග අඩි 400 ක ප්‍රමාණයකින්  යුක්තය.
වර්ග අඩි 400 ක කඩ කාමරයක් රුපියල් ලක්ශ දෙසිය හැටක  ( 26,000,000.00)  වටිනාකමින් යුත් බවත්, එය බදු ලෙස ලබා දෙන්නේ නම් එකවර ගෙවීමේ මුදල රුපියල් ලක්ශ දහයක්  (1,000,000.00) සහ මාසික කුලිය රුපියල් ලක්ශ දෙකක් (200,000.00) බැගින්වූ වටිනාකමකින් යුක්ත බවත් විගණනයේදී අනාවරණය වී තිබේ .
එසේම ,  වර්ග අඩි 800 ක  කඩකාමරයක වටිනාකම  රුපියල් ලක්ශ හාරසියයක් ( 40,000,000.00) වන  බවත් එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. නගර සභාව සතු මෙම කඩ කාමර රුපියල් ලක්ශ එකසිය තිහේ ( 13000000/=) සිට රුපියල් ලක්ශ දෙසීයය (20,000,000/=) දක්වා වූ මිළ ගනන් පරාශයක් යටතේ බදු දී ඇතත්,  එම  කඩකාමර තක්සේරු දෙපාර්තමේන්තුවෙන් විධිමත්ව තක්සේරුවක් හෝ නිවැරදි වෙළඳපළ වටිනාකම අනුව තක්සේරු කිරීමක් නොකර අවිධිමත් ක්‍රමවේදයකට  බදු දීමෙන් මහනගර සභා අරමුදලට මේසා විශාල ආදායමක් අහිමි වී ඇති බව එම විගණන වාර්තාව මගින් හෙළිදරව් කර ඇත.

මේ පිළිබඳව කුරුණෑගල නාගරික කොමසාරිස් ආලෝක බණ්ඩාර මහතාගෙන් කළ විමසීමක දී  ඔහු කියා සිටියේ මේ වන විට වයඹ පලාත්  ආණ්ඩුකාර  වසන්ත කරන්නාගොඩ මහතාගේ නියෝගයෙන් මේ පිළිබදව පරීක්‍ෂණයක් ආරම්බ කොට ඇති බවයි.

Latest