Skip to content

හිට්ලර් උපත ලැබූ ඔස්ට්‍රියානු නිවස​ මානව හිමිකම් පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යයි.

ඇඩොල්ෆ් හිට්ලර් 1889 දී වයඹ දිග ඔස්ට්‍රියාවේ Braunau am Inn නගරයේ මෙම නිවසේ උපත ලැබීය. මූලාශ්‍ර​: විදෙස් මාධ්‍ය තුලිණි.

ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය බදාදා දින නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ඇඩොල්ෆ් හිට්ලර් උපන් ඔස්ට්‍රියාවේ නිවස පොලිස් නිලධාරීන් සඳහා මානව හිමිකම් පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි. 2019 දී ඔස්ට්‍රියානු රජය මෙම ගොඩනැගිල්ල​ පොලිස් ස්ථානයක් බවට පරිවර්තනය කර ඇත​.

වියානා විශ්ව විද්‍යාලයේ සමකාලීන ඉතිහාස අංශ​යේ මහාචාර්යවරයෙකු වන ඉතිහාසඥ 'Oliver Rathkolb' අඟහරුවාදා දින පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ "අපගේ අතීතයට මුහුණ දී මෙම ඓතිහාසික වශයෙන් ආඩය‍ වූ ස්ථානයට ජීවය තහවුරු කරන ඉදිරිදර්ශනයක් ලබා දිය යුතුය" යන්නයි.

හිට්ලර් 1889 අප්‍රේල් 20 වන දින මෙම ගොඩනැගිල්ලේ මහල් නිවාසයක උපත ලැබූ අතර ඔහුට වයස අවුරුදු තුනේදී ඔහුගේ පවුල හැර යන තෙක්ම එහි ජීවත් වී ඇති බව සදහන් වේ. මෙම ගොඩනැගිල්ල​ Gerlinde Pommer නම් කාන්තාවකට අයත් වන අතර හිට්ලර් උපත ලැබීමටත් පෙර​ සිටම මෙම ගොඩනැගිල්ල ඇයගේ පවුල​ට අයත් එකක් යැයි කියනු ලැබේ. කෙසේ වෙතත් 1972 දී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ඇයගෙන් එම ස්ථානය කුලියට ගැනීමට කටයුතු කර ඇත​.

හිට්ලර්ගේ 1939 වසරේදී ගන්නා ලද ඡායාරූපයක්.

එය විවිධ පුණ්‍යායතනවලට යටත් කටයුතු වෙනුවෙන් ද පසුගිය කාලයේ යොදා ගැණින​. කෙසේ වෙතත් එවකට ආබාධිත මධ්‍යස්ථානයක්ව පැවති මෙම පරිශ්‍රයෙන් එය ඉවත් කර ගැනීමත් සමග 2011 සිට මෙම තෙමහල් නිවස හිස්ව පැවතුණි. ඔස්ට්‍රියානු රජය 2016 දී මෙම දේපළ විනාශ කර දැමීමට ද තීරණය කර ඇති අතර පසුව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් මෙම දේපල අත්පත් කර ගැනීම සඳහා විශේෂ නීතිමය අවසරයක්ද ඉල්ලා සිට ඇත​.

දේපල පවරා ගැනීම සහ අදාළ හිමිකාරිණියට වන්දි ගෙවීම සම්බන්ධයෙන් නීතිමය ගැටුමක් ඇති වූ අතර, එම කාලය තුළ ගොඩනැගිල්ල කඩා දැමීමට සැලසුම් කිරීම අත්හිටුවන ලදී. මෙම ස්ථානය​ සුරක්‍ෂිත කරගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රියානු රජය නාසිවාදී සහ හිට්ලර්ගේ මතවාදයට ප්‍රතිගාමී කටයුත්තක් වෙනුවෙන් අදාළ සාධනීය යොදා ගැනීමකට යොමු කර ගත හැකි බව නිරීක්‍ෂණය කොට ඇත​. ඒ අනුව 2019 දී එය පොලිස් ස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ තීරණය ප්‍රකාශයට පත් විය​.

කොමිෂන් සභා සාමාජික, හිටපු ඉදිකිරීම් සහ දේපල ව්‍යාපෘති ප්‍රධානි Hermann Feiner මහතා මාධ්‍ය වෙත සිය අදහස් පළ කරමින් සදහන් කර ඇත්තේ "එය ඔස්ට්‍රියාවේ විශාලතම මානව හිමිකම් සංවිධානයේ කාර්‍යාලයක් වනු ඇති බවටත් පොලිසිය මෙම මූලික වශයෙන් වැදගත් මාතෘකාවක් වන මානව හිමිකම් සම්බන්ධයෙන් වන පුහුණුව ලබා ගැනීමේදී ඒ සඳහා වැදගත්ම වන මධ්‍යස්ථානයක් වනු ඇති බවටත්‍ ය​.​"

2025 දී අවසන් කිරීමට අපේක්‍ෂා කරන මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තුගත මුදල​ යුරෝ මිලියන 20 (ඩොලර් මිලියන 21.5) පමණ වනු ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඉතිහාස​යේ සිදුවූ වැරදීම් හා උගත් පාඩම් තුලින් මතු අනාගතය වෙනුවෙන් කරනු ලබන මෙම ආයෝජනය සමස්ත ලෝකයාටම ලබා දෙන ආදර්ශයක් බව නම් කිව යුතුමය​.

Latest