හිරු මාධ්‍ය ජාලය හට මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා කිරීමට සහ ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය සාකච්ඡා ආවරණය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවට ෂම්මි සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාව තීරණය කර ඇති බවට වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් හිරු නාලිකාව ද නිවේදනයක් නිකුත් කර සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය ආවරණය කිරීම සඳහා සහභාගී වන ලද හිරු tv මාධ්‍ය ජාලයට මින් ඉදිරියට ක්‍රිකට් තරඟ ආවරණය කිරීමට සහ ප්‍රවෘත්ති සාකච්ඡාවලට සම්බන්ධවීමට අවස්ථාව හිමි නොවන බව දන්වා ඇත.

කෙසේ නමුත් මෙම තීරණයට අදාළ හේතු මොනවාදැයි මෙතෙක් වාර්තා නොවන අතර සමාජ මාධ්‍ය තුළ ක්‍රිකට් රසිකයින් අදහස් දක්වා ඇත්තේ මෙය කලකට පසු ක්‍රිකට් ආයතනය ගත් ඉතා හොඳ තීරණයක් බව සහ එම තීරණය ඔවුන් අගය කර සිටින බවය.
එමපණක් නොව මෙයට හේතු වශයෙන් සමාජ මාධ්‍ය තුළ ක්‍රිකට් රසිකයින් අනුමාන කර සිටින්නේ හිරු tv නාලිකාව කාලයක් තිස්සේ ක්‍රිකට් සම්බන්ධයෙන් ඉතා විවේචනාත්මක සහ ද්වේෂාත්මක ප්‍රවෘත්ති පළ කිරීම මෙම තීරණය ගැනීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නට ඇති බවය. එමෙන්ම ක්‍රිකට් ප්‍රේක්ෂකයින් තුළ ද අදාළ නාලිකාවේ ක්‍රිකට් සම්බන්ධ ප්‍රවෘත්ති කාලයක් තිස්සේ දැඩි විවේචනයට භාජනය වූ බව ද ඔවුන් දක්වන අදහස් තුළින් නිරීක්ෂණය කිරීමට හැකි විය.
එමෙන්ම ඔවුන් තව දුරටත් පවසන්නේ අදාළ නාලිකාව පළ කරන විවේචනාත්මක ප්‍රවෘත්ති මගින් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික තත්වය ඉතාමත් පහතට වැටෙන බවත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා ඉතාමත් අයහපත් ලෙස බලපාන බවත් ය.