Skip to content

ලන්ඩන් නුවරට අධික උෂ්නත්වයක් චාල්ස් රජුගේ ආරක්ෂකයින් ඇදවැටෙයි

ලන්ඩන් අගනුවරට ඇතුලු එංගලන්තයට මේ දිනවල බලපා ඇති අධික උෂ්ණත්ව කාලගුණය හේතුවෙන් චාල්ස් රජුන්ගේ උපන්දින උත්සවයටද බලපෑම් එල්ලව ඇතැයි එරට මාධ්‍ය වාර්ථා පෙන්වා දෙයි.

චාල්ස් රජුන්ගේ 75 වන උපන්දිනය නිමිත්තෙන් එලඹෙන 17 වනදා දැවැන්ත උපන්දින පෙලපාලියක් පැවත්වීමට සූදානම් කොට ඇති අතර ඒ සඳහා මේ දිනවල පුහුනුවීම් කටයුතු ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබයි.

කෙසේ වෙතත් පවතින අධීක උෂ්ණත්වය හේතුවෙන් පුහුණු කටයුතුවලටද බාධාවන් එල්ල වී ඇති අතර පුහුනු පෙලපාලියට සහභාගී වූ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුම අව්ර්ශ්මිය දරාගත නොහැකිව ක්ලාන්ත වී බිම වැටෙන අයුරු විදෙස් මාද්‍ය අනාවරනය කර සිටියි.

දැඩි අව්රශ්මිය හේතුවෙන් ඇදවැටුනු ආරක්ෂක නිලධාරීන් හට වෛද්‍ය පහසුකම් සැපයීමටද පියවර ගෙන තිබුණි.

මේ අනුව අව්රශ්මිය හමුවේ පුහුණු පෙලපාලිය සිදුකරමින් යන ආරක්ෂක නිලධාරීන් අගය කිරීමටත් එලඹෙන 17 වනදා උපන්දින පෙලපාලියට යහපත් කාලගුණ තත්වයක් උදාවනු ඇතැයි බලාපොරොත්තුවන බවවටද විලියම් කුමරු ට්විටර් සටහනක් ඔස්සේ පවසා ඇත.

Latest