දීර්ඝ බැංකු නිවාඩුවක් ලබාදී ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බවත් තැන්පතුකරුවන් කිසිසේත්ම මුදල් පිළිබඳව බිය විය යුතු නැති බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරිම සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනී, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව සාකච්ඡා කිරීම ආදි කරුණු කාරණා සඳහා කාලයක් අවශ්‍ය වෙන බවත් බැඳුම්කර ගනුදෙනු කොටස් වෙළෙඳපොළ ආදී වෙළෙඳපොළ ගනුදෙනු එවැනි ක්‍රියාවලියකදී නතර විය යුතු බවත් අධිපතිවරයා සඳහන් කරයි.
එම නිසා මෙම දීර්ඝ බැංකු නිවාඩුව ගනු ලබන බවයි ඔහු පවසන්නේ.
අන්තර්ජාල බැංකු සේවා කටයුතුවලට ඉන් බාධාවක් නොවන බවත් පවසන මහ බැංකු අධිපතිවරයා තවදුරටත් පවසන්නේ ස්ථිර තැන්පතු හෝ වෙනත් තැන්පතු හෝ තැන්පතු වල පොළියට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.