පෘථිවියේ සිට ආලෝක වර්ෂ 264ක් පමණ ඈතින් ක්ෂීර පථයේ පිහිටි ඉතා දීප්තිමත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ.
මෙම ග්‍රහලෝකය ඒ මත පතිතවන හිරු රැස්වලින් 80%ක්ම පරාවර්ථනය කරන බවත් ඒ අනුව මෙම ග්‍රහලෝකය සුර්යාලෝකය පරාවර්ථනය කරන වැඩිම ග්‍රහලෝකය ලෙස දැනට හදුනාගෙන ඇති බවත් එම වාර්තා වල සදහන්.
පසුගිය 2020 වසරේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද LTT9779b ලෙස හැඳින්වෙන මෙම ග්‍රහලෝකය නෙප්චුන් ග්‍රහලෝකය තරම් විශාල වන අතර එය පැය 19කට වරක් සුර්යයා වටා පරිභ්‍රමණය වන බවද කියැවේ.
මෙතෙක් රාත්‍රී අහසේ දීප්තිමත්ම ග්‍රහලෝකය ලෙස පිළිගැනුනු සිකුරු ග්‍රහලෝකය එලෙස තමා වෙත එන සුර්යාලෝකයෙන් 75%ක් පරාවර්ථනය කරන අතර පෘථිවිය විසින් එසේ පරාවර්ථනය කරනු ලබන්නේ තමා වෙත එන සූර්‍යාලෝකයෙන් 30%ක් පමණි.
නව ග්‍රහලෝකය ආලෝකය පරාවර්ථනය කිරීමට හේතු වී ඇත්තේ එයවටා ඇති ටයිටේනියම් සහ සිලිකේටවලින් තැනුනු ලෝහමය වලාවන් නිසා බව තාරකා විද්‍යාඥයින්ගේ මතය වේ.