Skip to content

ලොව ජීවත් වීමට සුදුසුම නගර මෙන්න

පුද්ගලයෙකුට ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසුම රටවල්වල නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව "The Economist" වෙබ් අඩවිය මගින්  නිකුත්  කර ඇති අතර එහිදී ලණ්ඩන් සහ නිව්යෝර්ක් වැනි නගර දැඩි පසුබෑමකට ලක්ව ඇති බවට පෙන්වා දෙයි..

මෙහිදී වර්ථමානය වන විට පුද්ගලයෙකුට ලොව ජීවත්වීමට වඩා සුදුසුම නගරය ලෙස නම්කර ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නගරය වන අතර එම නගරය ගෙවී ගිය වසර 5ක් තුළ එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වූ තෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වෙයි.

"The Economist" විසින් මෙම වාර්තාව සැකසීමේදී ලොව ප්‍රධාන නගර 173ක් විවිධ කරුණු මත පදනම් කරගනිමින් ශ්‍රේණිගත කර තිබුණු අතර  සෞඛ්‍ය, අධ්‍යාපනය, ස්ථායිතාවය, යටිතල පහසුකම් සහ පරිසරය යන සියලු කරුණු අදාළ ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන තිබුණි..

කොවීඩ් වසන්ගතයෙන් පසුව ලොව ප්‍රධාන පෙලේ රටවල් යථා තත්වයකට පත්වෙමින් පවතින වාතාවරනයක ඒ ඒ රටවල් විසින් ගෙනයනු ලබන ප්‍රතිපත්තීන් අනුවද මෙම වර්ගීකරණය සිදුකර ඇති ආකාරය ප්‍රස්තාරයන් මගින්ද පෙන්වා දී ඇත.

එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති නගර මෙසේය...
01. වියානා - ඔස්ට්‍රියාව
02. කෝපන්හේගන් - ඩෙන්මාර්කය
03. මෙල්බර්න් - ඔස්ට්‍රේලියාව
04. සිඩ්නි - ඔස්ට්‍රේලියාව
05. වැන්කුවර් - කැනඩාව
06. සුරික් - ස්විස්ටර්ලන්තය
07. කැල්ගරි - කැනඩාව
07. ජිනීවා - ස්විස්ටර්ලන්තය  
09. ටොරොන්ටෝ - කැනඩාව
10. ඔසාකා - ජපානය

Latest