Skip to content

"ඇයගේ භූමියයි - ඇයගේ අයිතියයි" අනුරාධපුරයටත්..!

සාම්ප්‍රදායක ආහාර ප්‍රදර්ශණයක් සහ වෙළද පළක් පසුගියදා අනුරාධපුරයේදී පැවැත්වුණි.

"ජගත් කාන්තාරකරණය වැළැක්වීම සහ නියගය පිටුදැකීමේ" දිනය වෙනුවෙන් මෙම ප්‍රදර්ශණය සහ වෙළද පළ සංවිධානය කර තිබුණි.මෙවර තේමාව වී තිබුනේ "ඇයගේ භූමියයි - ඇයගේ අයිතියයි" යන්නයි.

තිරප්පනය සහ පළුගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල දැනට ක්‍රියාත්මක "පරිසර හිතකාමී" නිෂ්පාදන සිදු කරන කාන්තාවන් විසින් මෙම ප්‍රදර්ශණයට සහ අලවි සැළට තම නිෂ්පාදන එක් කර තිබුණි.

අලවි ප්‍රදර්ශණයට අමතරව දැණුවත් කිරීමේ දේශණ කීපයක්ද මෙහිදී පවත්වන ලදි.

මෙම වැඩ සටහනට එක්ව සිටි සියළුම දෙනාට අඹ සහ කොස් පැළය බැගින් ලබා දීමද සිදු කරන ලදි.

රජරට විශ්ව විද්‍යාලයේ සහ ප්‍රදේශයේ පාසල් වල දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩ සටහනට එක්ව සිටියේය.

පරිසර අමාත්‍යාංශය,සුවදායී භූමි දර්ශණ ව්‍යාපෘතිය සහ අනුරාධපුර දිසා ලේකම් කාර්යාලය මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.

Latest