Skip to content

හෙම්මාතගම නගරයේ ඇති එකම වැසිකිලිය අපායක්...

හෙම්මාතගම වැසිකිලිය

හෙම්මාතගම නගරයට ඇති එකම පොදු වැසිකිලිය සතියකට වරක් පිටාර ගලයි. නිසි නඩත්තුවක් නැහැ. වැසිකිලියට ඉදිරිපිටින් හෙම්මාතගම බස් නැවතුම පිටුපසින් හෙම්මාතගම පොලිසිය ඇතුලු හෙම්මාතගම මාවනැල්ල,ගම්පොල,අරණායක නගරයන් වලට දිවෙන ප්‍රධාන මාර්ගය සහ කඩ සාප්පු වෙළෙඳ සැල් පිහිටා ඇති අතර වැසිකිලිය පිටාර ගැලීම නිසා ප්‍රදේශයේම දුගඳ හමා යන බව ජනතාව මැසිවිලි නගයි.


වැසිකිලියේ බට කැඩි ඇත ඉතා අපිරිසිදුව තත්වයේ පවති.  මෙම පොදු වැසිකිලිය මාවනැල්ල ප්‍රාදේශිය සභාවට අයත් එකක් වන අතර එය නිසි ප්‍රමිතියකින් එහි ඉදි නොකිරීම සහ පිරිසිදු කිරීම යනආදියට පුද්ගලයෙකු පත් නොකිරීම මෙම තත්වය ඇති විමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.


මාවනැල්ල, දිප්පිටිය, අරණායක, ගම්පොල නගරවලට මෙන්ම හෙම්මාතගම අවට ගම්මාන පහ හයකටම මෙම ස්ථානයෙන් බස් රථ මගී ප්‍රවාහනයේ යෙදෙන අතර ඒ සියලු ලංගම හා පෞද්ගලික බස් රථ වල බස් නැවතුම් ස්ථානය වන්නේ මෙම බස් නැවතුමයි. පාසල් දරුවන් මෙන්ම වැඩිහිටියන් හෙම්මාතගම නගරවාසීන් වෙළෙදුන් මෙන්ම හෙම්මාතගම සති පොළෙහි බොහෝ දෙනෙක් මෙම වැසිකිලිය භාවිතයට ගන්නා අතර මෙලෙස වැසිකිලිය අපවිත්‍ර භාවයේ පැවතීම මේ සියලු දෙනාට වර්තමානයේ විශාල ගැටලුවක් බවට පත් වි ඇත.


මෙම වැසිකිලිය සකස් කිරීමේදි අඩි පහක පමණ විශ්කම්භය අඩි හතරහමාරක් පමණ ඇති ටැංකියක් සකස් කර ඇති අතර එම ටැංකිය ඉතා ඉක්මනින් පිරී යෑම නිසා මෙම තත්වය ඇති වි තිබෙන බවද අපට අදහස් දැක්වු ජනතාව පැවසීය.


අවස්ථා කිහිපකදි මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මෙම වැසිකිලිය වෙනත් ස්ථානයක නිසි ප්‍රමිතියකට ඉදි කර යුතු බව සභාව තුල කතා බහට ලක් වු නමුත් එය මෙතෙක් සිදු නොවිම කණගාටුවට කරුණකි.

Latest